සාරි පොටේ මනාලිය කතා කරයි.


පි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනස් වාර්තාවට තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කිරීමට නොවන බව දිගම සාරි පොටේ මනාලිය සජිනි සුරවිර මහත්මිය පවසයි.

ඇය  අප වෙත දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කියා සිටියේ මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසි මෙම සාරි පොට අල්ලා සිටිම වැරදි යැයි තදබල වරදක් වේවි යැයි තමා නොසිතු බවයි.

රටේ නම ඉදිරියට යාමේ අරමුණ සහ ගිනස් වාර්තාවට එය එක්කිරීමට දරුවන් කිහිප දෙනෙකු යොදා ගැනීම වරදක් වශයෙන් සමාජ ජාලවලට පෙනුනාට එහිදී කිසිදු දරුවෙකු අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකල බවයි ඇය කියා සිටියේ.

ඇය අප වෙත වැඩිදුරටත් කියා සිටියේ ඇයගේ මංගල උත්සවයේදී දරුවන් සම්බන්ධ කිරීම තමාව හැඩගැන්වු ශිල්පිනිය හා සාරිය හැඩ කළ ශිල්පියා විසින් සිදු කළ කාර්යක් බවයි.

එසේම එම දරුවන් පිරිසට අවශ්‍ය වන ආහාර පාන නිතරම ලබා දීම සිදු කළ බව ද ඇය පැවසුවාය.

අව්වේ තියා ගනිමින් ඔවුන්ව අපහසුතාවයට පත් නොකළ බවත් සමාජජාල මගීන් මෙය ඉතා අනවශ්‍ය වශයෙන් පෙන්නුම් කර ඇති බවද ඇය සදහන් කළාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment