බුකියෙන් ප්‍රශ්නයක් ද? - මෙන්න CIDයෙන් විසඳුම්.


අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්‍රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.

පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්‍රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

කාන්තා ‍පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි ‍පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment