ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන ICC පරීක්ෂණයක්


මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නිළධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැකවෙයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන අයි.සි.සී. දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් පවසන්නේ “ ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය වර්ධනය කිරීමට අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු කරනවා. ඒ දූෂණ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරු තිබේනම් අපි පරීක්ෂණ පවත්වනවා. ඒ නිසයි අපි දැන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ” යැයි යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment