ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.

ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.

 

විශ්‍රාමික මේජර් ජනරාල් ජාලිය නම්මුණිගේ පුත්‍රයෙකු වන එම්.සී. නම්මුණි නමැත්තා පසුගිය 07 වන දා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු අතර ශලීල මුණසිංහ 09 වන දා අත් අඩංගුවට ගෙන 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරණු ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. 

සැකකරුවන් බන්ධනාගාර ගතව සිටියදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස ද අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබිණි. 

සාමෝදය පදනම

මෙම බැංකු කොල්ලයෙන් ලබාගත් මුදල් වලින් කොටසක් එවා ඇත්තේ 'සාමෝදය පදනම' නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමකටය. මෙම රාජ්‍ය නොවන සංවිධානය 1980 දශකයෙහිදී මාවතගම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පිහිටුවනු ලැබූවකි. මෙහි ආරම්භකයා වන්නේ ගාමිණී දිසානායක මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මියගිය ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහතාය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඇවෑමෙන් මෙම සාමෝදය පදනම ඔහුගේ බිරිඳ විසින් පවත්වාගෙන ගොස් ඇති අතර පසුකාලීනව මීට ශාමිලා පෙරේරා සහ එවකට ජනප්‍රිය නිළියක් වූ බියුලා ඩයස් මුණසිංහ යන කාන්තාවන් මැදිහත් වී තිබේ. මෙම බියුලා ඩයස් මුණසිංහ යනු ඉහත සඳහන් ශලීල මුණසිංහගේ මවයි. වර්තමානයෙහි දී ශලීල මුණසිංහ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ඉහළ තනතුරක් හොබවයි. මෙහි සභාපතිනිය වන්නේ ශාමිලා පෙරේරාය. ශාමිලා සහ බියුලා දෙදෙනාගෙන් ද නුදුරේදීම පොලීසිය මෙම ගනුදෙනු පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිතය. 

තීනියාවල පාලිත හිමියන්ටත් වැඩ වරදින ලකුණු 

සාමෝදය පදනමේ ගිණුමට ලැබුණු මුදල් පිළිබඳව හෙළිදරව් වීමෙන් අනතුරුව ශලීල මුණසිංහ සැඟ වී සිටියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන තීනියාවල පාලිත හිමියන් වෙසෙන නුගේගොඩ නාලන්දාරාමයෙහි රැකවරණ ලබමිනි. එහෙයින් ශලීල මුණසිංහව සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් තීනියාවල පාලිත හිමියන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment