මාර්ගය පිලිසකර දෙන ඉල්ලා කළ උද්ඝෝෂණයෙන් පැය 5 ක් ගමනාගමනය නවතී!

මාර්ගය පිලිසකර දෙන ඉල්ලා කළ උද්ඝෝෂණයෙන් පැය 5 ක් ගමනාගමනය නවතී!


විරෝධතාකරුවන් එහිදී පවසා සිටියේ මෙම මාර්ගය පිළිසකර කිරීම සඳහා රජයෙන් මුදල් ලබා දුන්නද කොන්ත්‍රාත්කරු එය පැහැර හැර ඇති බවයි. මාර්ගයේ ඇති අවහිරතා හේතුවෙන් තමුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා මහත් වෙහෙසක් ගන්නට සිදුවී ඇති බව ඔවුන් තව  දුරටත් ප්‍රකාශ කර සිටියා.

එම කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පසුව පැමිණ කඩිනමින් මාර්ගය සංවර්ධනය සඳහා ක්‍රියා කරන බව ප්‍රකාශ කිරීමත් සමගම උද්ඝෝෂකකයින්ගෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල විය. මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන බවට කොන්ත්‍රාත්කරු විසින් ලිඛිත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව  උද්ඝෝෂණකරුවන් විසිර ගියහ. 

-වාර්ථාව ඉදුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment