පානදුර හෝටලේකදි වර්ණවීරගෙ ලක්ෂ 8 කට විදලා


පානදුර හෝටලේකදි
වර්ණවීරගෙ ලක්ෂ 8 කට විදලා

හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු හා ගාලු ක්‍රීඩාංගණය බාරව සිටි පුද්ගලයා වූ ජයනන්ද වර්ණවීර නවාතැන්ගෙන සිටි හෝටලයක සිදුවූ සොරකමක් නිසා ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තාවේ.
වර්ණවීර මහතා පානදුර තල්පිටිය ප්‍රදේශයේ පාලම අසළ පිහිටි මෙම හෝටලයේ නවාතැන් ගැනීමට පුරුදුවූ අයෙකි. ඔහු පසුගියදා මිතුරන් පිරිසක් හමුවීමට
කොළඹ පැමිණි අවස්ථාවේත් මෙම හෝටලයේ නැවතීමට ගොස් තිබේ.

රාත්‍රී 10.30 ට පමණ ඔහු නින්දට වැටී නැවත අලුයම 5 ට පමණ අවදිවී බලද්දී කාමරයේ ජනෙල් කවුළුවක් ඇර තිබෙනු දැක ඇත.
රාත්‍රියේ තමා කාමරයේ මේස මතතබා තිබුණ රන් භාණ්ඩ හා මුදල් අතුරුදන්වී ඇති අයුරුද ඔහුට නිරීක්ෂණය වී තිබේ.

එම අවස්ථාවේ සේවකයින් විමසීමේදී එහි නිතර සොරකම් සිදුවන ස්තානයක් යයි පවසා ඇත. ඒ ගැන පසුව පැමිණිලි කිරීමට වර්ණවීර පානදුර පොලිසිය වෙත ගොස් තිබේ. පසුව හෝටලයේ සීසීටීවී පරීක්ෂාව සිදු කිරීමේදී ඒවා සොරකම සිදුවන්නට පෙර පැත්තකට හරවා ඇති අයුරුද වාර්තාවී ඇත.

මෙම සොරකම හෝටලයේ සේවකයින් සිදු කරන්නට ඇති බවට සැක යයි වර්ණවීර මහතා පවසා තිබේ. මින් ඉහත අවස්ථාවකත් තමා එම හෝටලයේ නැවතී සිටි අවස්ථාවක මේ ආකාරයේ මුදල් නැතිවීමක් සිදුවූ බවත් එය පොලිසියට දැන්වීමට උනන්දු නොවූ බවත් ඔහු පවසා ඇත.
මෙම සොරකම නිසා තමා සතුව තිබුණ ලක්ෂ 8 කට ආසන්න වටිනාගමින් යුත් රන් භාණ්ඩ හා රුපියල් 35000 ක පමණ මුදල් අහිමිවූ බව ඔහු දන්වා ඇත.

පානදුර තල්පිටිය ප්‍රදේශයේ පාලම අසළ පිහිටි සොරකම සිදුවූ හෝටලයේ මින් ඉහත ලක්ෂ ගණන් මුදල් සොරකම් සිදුවූ බවට විදෙස් ජාතිකයින්ද පැමිණිලි කර තිබෙන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment