BBS මුස්ලිම් අැමතිවරු හමුවට.


සත්‍ය වශයෙන්ම රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද, එසේත් නොමැතිනම් දැනට තිබෙන ව්‍යවස්ථාවෙන් සංහිඳියාවට බාධාවක් ඇතිවී තිබේද යන්න සාකච්ඡා කිරීම සඳහා රිෂාද් බද්යුදීන්, කබීර් හෂිම්  යන මහත්වරුන් ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරුන් හමුවීමට සැලසුම් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

දැනට තිබෙන ව්‍යවස්ථාව සංහිඳියාවට බාධාවක්වී ඇතැයි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 ඒ අනුව ඇමතිවරුන් රාජ්‍ය නොවන සංවිධානවල කිහිප දෙනෙකුගේ උවමනාට මහජනතාවට උවමනා නැති සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යන බවත්, අලුත් ව්‍යවස්ථාවෙන් රටත්, ජාතියත් බේරාගැනීමට සිදුව තිබෙන බවත් ඥානසාර හිමියෝ පවසා සිටියහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ, අද (10දා) රාජගිරියේ පිහිටි බොදුබල සේනා ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment