තාත්තා ගැන ගුණසමරු කතා කීමට මංගල බැහැ කියයි.

තාත්තා ගැන ගුණසමරු කතා කීමට මංගල බැහැ කියයි.

 

"තාත්තා ගැන මං දන්නෙ නෑ. තාත්තා නැති වෙද්දි මට වයස 9යි. එයා කරපු දේවල් ගැන මට මතකයක් නැහැ. ඒ නිසා බොරුවට කතා කරන්න බැහැ"යි කියමින් ඔහු එම උත්සවයේ කතාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇත. පියවරුන්ගේ මතක ශේෂයන්වල ම එල්ලෙමින් දේශපාලනයෙන් ගොඩයෑමට බලනා පුතුන්, දෝණියන් මැද මංගලගේ එම ක්‍රියාව අගය කළ යුත්තකි. 

මෙම සමරු උත්සවයේදී හොඳම කතාව පැවැත්වූයේ අකුරැස්සේ හිටපු මහජන මන්ත්‍රී එච්. ජී. සිරිසේන මහතා විසිනි. "මංගල අද මෙතැන ඉන්නේ තාත්තයි අම්මයි නිසා. ඒක මංගලට මතක නැතත් අපට මතකයි. 1989 දී මංගලට ලැබුණු ඡන්දයක් නෑ. ඡන්ද ලැබුණේ මහානාමටයි, ඛේමාටයි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. මංගල සමරවීර මහතාගේ මෑණියන් ද ප්‍රාදේශීය දේශපාලනය සමඟ සමීපව කටයුතු කරමින් මාතර ප්‍රදේශයේ ජනතාවට මහත් සේවයක් කළ කාන්තාවකි. 

මංගල සමරවීර මහතාගේ පියා වන මහානාම සමරවීර මහතා මිය යන විට ඔහු රටේ නිවාස අමාත්‍යවරයා ය. තමන්ට ම කියා නිවසක් නොමැතිව මිය ගිය එකම නිවාස අමාත්‍යවරයා ද ඔහුය. එය ලංකාවේ වාර්තාවකි.  

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment