මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපන බවට තර්ජනයක්.


ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව කර ඇති ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු පැවසීය.

ජනාධිපතිවරයා දිගු කළ මිත්‍රත්වයේ දැත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ප්‍රතික්‍ෂේප කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව කඳවුරු බඳින්නට තීරණය කරන්නේ නම් පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගත හැකි වෙන විකල්පයක්‌ නැතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

 මේ පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ගෙන් "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමාට තවමත් එවැනි ආරාධනාවක්‌ ලැබී නැති බවයි.

(ඉරිදා දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment