මහරගම පන්සලක සංඝ භේද කුමන්ත්‍රණයක්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් ව්‍යාජ විරෝධයක් මතු කරමින්, ඒ හරහා පූජ්‍ය පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩු විරෝධී බලවේගයක් නිර්මාණය කිරීම මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී ආරම්භ කර තිබේ.

මෙම විහාස්ථානය කුල පදනම මුලික කර ගනිමින් පවත්වාගෙන යනු ලබන ආයතනයකි.

අන්තවාදී පාර්ශ්ව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග සහ හිටපු ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ විසින් මේ මෙහෙයුමේ මූලිකත්වය ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මේ සදහා හිටපු ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන විදේශ ආධාර ලබන පදනමක් මූල්‍ය අනුග්‍රහය ලබා දෙන බවත්, භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක් මෙහි ඉදිරියෙන්ම සිටින බවත් වැඩිදුරටත් අනාවරණය වේ.

කෙසේ වෙතත් මෙම මෙහෙයුමට මහරගම ප්‍රදේශයේ ම පන්සල් කිහිපයකින් විරෝධයක් එල්ල වී ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කර සිටී.

රහසිගත මෙහෙයුමට විරෝධයක් :

මේ සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී භික්ෂූන් වහන්සේලා බහුතරයක් විමසා ඇත්තේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලූ ඇති බව ඇස් පනාපිට ඔප්පු වී තිබියදීත්, නව ව්‍යවස්ථාවකට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යනුවෙනි.

නව ව්‍යවස්ථාවේ අහිතකර වගන්ති ඇත්නම්, ඒවා සාකච්ඡුා කර වෙනස් කර ගැනීමට තමන්ද එකග නමුත්, මෙසේ රහසිගත මෙහෙයුම් කිරීමට තමන් එක`ග නැති බව අදාළ භික්ෂූන් වහන්සේලා අවධාරණය කර ඇතැයි ද අදාළ ආරංචි මාර්ග ස`දහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිටත් මිලින්ද මොරගොඩගේ සහ ගෙවිඳු කුමාරතුංගගේ මූලිකත්වයෙන් මේ මෙහෙයුමේ මූලික කටයුතු සිදු වෙමින් පවතින බවත්, ඉදිරියේ දී මේ සඳහා දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට සැලසුම් කර ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඊට අදාළ සියලූ වියදම් දරනු ලබන්නේ හිටපු ඇමැතිවරයාට අයත් අදාළ පදනමින් බව ද පැවසේ.

(සත්හඬ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment