දුම්රිය වර්ජකයින්ට ජනතාවගෙන් උපහාරයක්

දුම්රිය වර්ජකයින්ට ජනතාවගෙන් උපහාරයක්

 

එහෙත් ජනතාව ගැන තුට්ටුවකට මායිම් නොකොට 'මස් රාත්තලම ඉල්ලන' පන්නයෙන් හදිසි වැඩ වර්ජන ක්‍රියාත්මක කළ විට අවසානයේ සිදුවන්නේ ජනතාව ද නීතිය අතට ගැනීමට නිරායාසයෙන් පෙළඹීමයි. පහත රූපරාමු වලින් දිස් වන්නේ ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙහි අතරමං වූ මගීන් පිරිසක් විසින් දුම්රිය ගාඩ් වරයකුට පහරදීමට තැත් කළ අවස්ථාවකි. අවසානයේ ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වූයේ පොලීසියයි. 

ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සියළුම සේවාවන් පවත්වාගෙන යන්නේ හුදෙක් ඔවුන්ට රැකියා සැපයීම උදෙසා පමණක් නොවේ. ඒවායේ මූලික අරමුණ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමයි. එහෙයින් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේදී වැඩවර්ජනය යන්න විහිළුවකට නොගෙන, ඊට මෙහායින් ඇති සියළුම පියවර හරහා තම ගැටළු විසඳා ගැනීමට උපරිම උත්සාහ කරන්නේ නම් එය වෘත්තිකයින්ගේ වෘත්තීය ගෞරවයට මෙන් ම කාගේත් යහපත පිණිස වඩා ගුණදායක වනු ඇත.

- ලංකා නිව්ස් වෙබ් මාණ්ඩලික ඡායාරූපශිල්පී ධනංජය සෙනවිරත්න 

rail 01

rail 02

rail 03

rail 04

rail 05

rail 06

rail 07

rail 08

rail 09

rail 10

rail 11

rail 12

rail 13

rail 14

rail 15

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment