රූපවාහිනි සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ‍ට වරෙන්තු.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සහන් ප්‍රියන්ත දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (03) වරෙන්තු නිකුත් කළාය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ජී. අයි. පයිප්ප 600ක් මිලට ගැනීමෙන් රුපියල් 990, 000ක මුදලක් ආණ්ඩුවට පාඩු වූ බව පවසමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකුට එරෙහි අල්ලස් නඩුවේ සාක්කිකරු වූ දළුවත්ත මහතාට ඉදිරි නඩු දිනයේ පෙනී සිටින ලෙස දන්වමින් ඉකුත් නඩු දිනයේ අවවාද කර මුදා හැර තිබුණ ද ඔහු ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මේ වරෙන්තුව නිකුත් කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, පාර්ලිමේන්තු සැසියට සහභාගිවන බව දන්වමින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසට අධිකරණයෙන් ඔහුගේ නීතිඥවරයා ඉල්ලීමක් කළේය.

අදාළ ඉල්ලීම සලකා නඩුව ජනවාරි 10 වැනි දින නැවත කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය හතරවන සාක්කිකරු වූ රූපවාහිනි සංස්ථා‍වේ හිටපු අලෙවි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය. ඉකුත් මාර්තු මස මූලික විරෝධතා ඉවතලා නඩුව විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය තීරණය කරමින් සාක්කිකරුවන් වෙත සිතාසි නිකුත් කළාය.

තෙවන සැකකරු විසින් ගොනු කර තිබූ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ඊයේ ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය චුදිතට එරෙහි චෝදනා තීරණය කළ යුත්තේ මහේස්ත්‍රාත්වරයා බවත් එය නිවැරැදිව කෙටුම්පත් කර ඇති බව පවසමින් අදාළ විරෝධතා බැහැර කොට නඩුව විභාගය සඳහා දින නියම කළේය.

මෙහි දී සාක්කිකරුවන් වන ශ්‍රී ලංකා රූපවාහිනි අධ්‍යක්ෂ සහන් ප්‍රියන්ත දළුවත්ත හා සහකාර අධ්‍යක්ෂක හෙට්ටිගේ අනුර නිශාන්ත යන අයට ජුනි මස 4 හා 17 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබිණ.

වර්ෂ 2014/12/02 සිට 2014/12/10 යන කාලසීමාවට අදාළව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ජී. අයි. පයිප්ප 600ක් ලබා ගැනීමෙන් රුපියල් 999, 000ක පාඩුවක් ආණ්ඩුවට කළ බව සඳහන් කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රුපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ දෙල්වක්කඩ ලියනගේ චන්ද්‍රපාල. ගණකාධිකාරි විමලසේන රූබසිංහ යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මේ නඩුව පවරා තිබිණ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment