කොළඹ ආපන ශාලා වලට නගර සභාවෙන් තරු සහතික


කොළඹ නගරයේ පවත්වාගෙන යන ආපන ශාලා සඳහා නගර සභා පරීක්ෂාවෙන් පසු තරු ලබාදීමේ වැඩ
පිළිවෙලක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව හෝටල ලෙස නම් කර පවත්වා යන ආපන ශාලා කැෆේ  ලෙස නම් කර ඇති අවන් හල් 100 ක් මෙම තරු ක්‍රමයට අන්තර්ගත වනු ඇත.
සාමාන්‍යයෙන් ලෝකයේ හෝටල් සඳහා තරු සහතික කිරීම අන්තර්ජාතික තත්ව පරීක්ෂාවකින් සිදු කෙරෙන අතර ක්‍රම වේදයක් ලෙස ඊට සමාන ක්‍රමයකින් මෙම තරු පිරිනැමීම මහනගර සභාව මගින් සිදු කරන්නේ පාරිභෝගිකයින්ට පහසුවක් වනු පිණිසය. එසේම මෙම ක්‍රමය මගින් තම අවන්හලේ ප්‍රමිතිය ඉහළ නංවාගන්නට අදාළ හිමිකරුවන්ට තරගකාරී අවස්ථාවක්ද උදා කර දෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment