'බලය බෙදන්න, රට නොබෙදන්න' - මල්වතු මහ නාහිමි.


බලය බෙදන නමුත් රට නොබෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන බව මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පැවැසූහ. නමුත් රට දෙකඩ කරනවා යැයි ඇතැමුන් ප්‍රකාශ කරන්නේ බලය බෙදීම, රට බෙදීම යැයි වරදවා අවබෝධ කර ගනිමින් යැයි උන්වහන්සේ සඳහන් කළහ.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළුව ප්‍රධාන ඉල්ලීම් හතක් වෙනුවෙන් මහනුවර දී පැවැත්වෙන හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය සඳහා වූ සත්‍යග්‍රහය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරුවෝ ඊයේ (03දා) මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම කඩිනමින් කළ යුතු බවත් ඒ අනුව රට පුරා සත්‍යග්‍රහ පවත්වන බවත් එහි පළමු වැන්න කොළඹදී ආරම්භ කළ බවත් අලුත් ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කාර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment