කැබිනට් එකේ දී "ෆයිසර් - හකීම් - බදියුදීන්" ගැටෙති.


ඊයේ (03) පැවති කැබිනට් රැස්වීමේ දී අමාත්‍යවරුන් තිදෙනෙකු අතර මත ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ, පළාත් සභා සීමානිර්ණ කමිටුවට පත් කර ඇති මුස්ලිම් නියෝජිතයෙකු සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමෙන්.

මෙම මත ගැටුම ඇති වූයේ ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් යන අමාත්‍යවරුන් අතරයි. 

අදාළ මුස්ලිම් නියෝජිතයා සම්බන්ධයෙන් රාවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට දැඩි චෝදනා එල්ල කර තිබෙනවා.

එහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ද ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට සහය දක්වමින් අදහස් පළ කිරීම හේතුවෙන් තිදෙනා අතර උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

මෙම මත ගැටුම පාලනය කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මැදිහත් වූ බවද වැඩිදුරටත් වාර්තා වනවා. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment