ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ ස්ථාවරය අනාවරණ කළා නම් ප්‍රශ්නයක් නැහැ- තිස්ස අත්තනායක

ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ ස්ථාවරය අනාවරණ කළා නම් ප්‍රශ්නයක් නැහැ- තිස්ස අත්තනායක
කාලීන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය විය යුතු නමුත් එය දේශපාලන බලය වැඩි කරගැනීම සඳහා යොදා නොගත යුතු බව ඔහු අවධාරණය කළේය. දැනටමත් පවත්නා ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන, මානව අයිතිවාසිකම්, ඒකීයභාවය යනාදී කාරණා ඉටුවී ඇති බවයි හෙතෙම පෙන්වා දුන්නේ.  අඩුපාඩුවක් ලෙස පවතින්නේ උතුරට බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය හෝ  වාර්ගික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිහිල් කිරීමේ අවශ්‍යතාව නම් ඒ ගැන ආණ්ඩුව පැහැදිලිව රටට කිව යුතු බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment