ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරන බවත් එහෙත් ඇතැම් පිරිස් එම තාක්ෂණය භාවිතා කරමින් රටේ ප්‍රතිරූපය කෙලෙසීමට උත්සාහ කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එම බොරු ප්‍රචාරවලට නොරැවටී ආණ්ඩුව හා තම පිළිබඳව විශ්වාස කර කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
කුමන්ත්‍රණකරුවන්ගේ සියලු අභියෝග නොතකා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සියලු ජාතීන්ට සාමයෙන් ජීවත්විය හැකි වාතාවරණයක් සකස් කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළේය. මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථික, වෙළඳ හා තාක්ෂණික සබඳතා පුළුල් කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කටාර් ඇතුළු මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙත සිය කෘතඥතාවය පළකළේය.
කටාර්හි විවිධ මට්ටමේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
උපාලි සපරමාදු
0 comments :
Post a Comment