නාවික හමුදාව පවරාගත් ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් වැසියන් විරෝධතාවක

නාවික හමුදාව පවරාගත් ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් වැසියන් විරෝධතාවක

 

නාවික හමුදා කදවුර වෙත තවදුරටත් ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් ඉඩම් මැනීම තවදුරටත් සිදුකිරීම නවතා දමන ලෙසටද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

තමන් ධීවර කටයුතු සිදුකළ වෙරළ තීරය නාවික හමුදාව විසින් අත්පත් කොට ගෙන ඇති අතර, වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් අදාල කදවුර ඉවත් කොට තමන්ගේ මුල් ඉඩම් ලබාදෙන ලෙසට වට්ටුවාකල් ප්‍රදේශවාසීහූ ඉල්ලීම් කළහ.

මීට පෙර අවස්ථාවකදී ද තමන්ගේ ඉඩම් නිදහස් කරදෙන ලෙසට ඉල්ලා තමන් විරෝධතාවයක් පැවැත්වු අතර, එහිදි වගකිව යුතු නිලධාරීන් තමන්ගේ ඉඩම් නිදහස් කරන බවට පොරොන්දු වුවද අදාල පොරොන්දු මෙතෙක් ඉටු නොවීම කණගාටුවට කරුණක් බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

විරෝධතා කරුවන් පාලම මත හිඳගෙන විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවිණ.

විරෝධතාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශිවමෝහන් මහතා එක්ව සිටි අතර ශිවමෝහන් මහතා පැවසූවේ සිවිල් වැසියන්ගේ ඉඩම් වහා නිදහස් කොට ජනතාවට ලබාදිය යුතු බවයි.

- අද දෙරණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment