දුම්රිය වැටුප් වැඩිකිරීම, සෞඛ්‍යයට අහිතකර වෙයි.


දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ට මේ මස 20 වන දින සිට සිදුකරන වැටුප් වැඩිකිරීම නිසා සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් 21කට බරපතළ වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ද පෙරමුණ සඳහන් කරයි.

මෙම වැටුප් වැඩිවීමට සාපේක්ෂව මෙම සේවා 21 වැටුප් දින 14ක් තුළ ඉහළ දැමිය යුතු බවද එම සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

එසේ සිදුනොවුණ හොත් දින 14කට පසු වෘත්තීය සමිති 21 සමග එක්වී ඉතිහාසය තුළ සිදුකරන ප්‍රථම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

දුම්රිය සේවාවේ වෘත්තීය ඛාණ්ඩයක වැටුප් වැඩි කිරීමත් සමග ඊට ඉහළ වැටුප්තලවල සිටි විශාල ශ්‍රේණි ප්‍රමාණයක වැටුප් තත්ත්වය පහළ වැටී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment