කෙල්ල වෙන කෙනෙක් එක්ක යාළුවුනැයි වෙඩි තබාගත් සාපෙළ සිසුවාගෙ මරණය නළු නිළියන් අනුකරණයක්


කෙල්ල වෙන කෙනෙක් එක්ක යාළුවුනැයි
වෙඩි තබාගත්

සාපෙළ සිසුවාගෙ මරණය
නළු නිළියන් අනුකරණයක්



ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පසුගිය දිනෙක රාත්‍රී කාලයේ ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය පසුගිය කාලයේ සිදුවූ නළුවෙකුගේ දිවිනසාගැනීමේ සිද්ධිය අනුකරණය කිරීමක් බවට මේවනවිට කථාබහක් ඇතිව තිබේ.
 තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත්
තමා කරන දේවල් නිසා පවුලේ අය

ගොඩාක්‌ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් ඔහුගේ අවසන් ලිපියේ සඳහන් වෙයි.

 සාමාන්‍ය පෙළට පාඩම් කරන්නැයි දෙමාපියන් බල කරන නිසා මෙම දේ සිද්ධ කරගත් බව මුලින් ප්‍රචාරය වූ නමුත් එම සිසුවාට සමීප අය සිදු කර තිබෙන ප්‍රකාශ වලින් හෙළිදරව් වී ඇත්තේ ඔහු සමග ප්‍රේම සම්බන්ධයක් පැවති බව කියන තවත් පාසල් යන වයසේ සිසුවියක ඔහු හැරදා වෙනත් පෙම් සබඳතාවයක් ඇරඹීම මත ඇතිවූ කලකිරීමක් මෙසේ අවසන් වූ බවකි.

රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී පියාට අයත් බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම සිසුවා වෙඩිතබා ගෙන සියදිවිනසා ගත්තේ දෙමාපියන් හා හිතවතුන්ට විශාල දුකක් ඇති කරමිනි.

තමන්ගේ පුද්ගලික කම්පනය ඇති කළ අයට දැනෙන්නට සමාජය හමුවේ ආන්දෝලනාත්මක ලෙස මරණයට පත්වීම රැල්ලක් ලෙස සිදුවිය හැකි බව සමාජ විද්‍යා සමීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන අතර ජනප්‍රිය පුද්ගලයින් මෙවැනි ක්‍රියාකාරකම් සිදුකිරීමේදී ටික කලක් යනතුරු එම උණුසුම මත අනුකරණය කරන ක්‍රියාදාමයන් ඇතිවිය හැකි බවද පෙන්වාදී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget