මත්තල ගුවන්තොටුපොළ විකුණන්න තීන්දුවක් අරගෙන නෑ - මහින්ද අමරවීර

මත්තල ගුවන්තොටුපොළ විකුණන්න තීන්දුවක් අරගෙන නෑ - මහින්ද අමරවීර

මත්තල ගුවන් තොටුපල විකිණීමට උත්සාහ කරන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය කලබල වී ඇති බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් ඇමතිවරයා පවසයි. එවැනි තීන්දුවක් ගන්නේ නම් කැබිනට් මණ්ඩලයේදී පුළුල්ව සාකච්ඡා කර පාර්ලිමේන්තුව ද දැනුවත් කර විනිවිදභාවයකින් කටයුතු කරන බව ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. හොර ගනුදෙනු හා රහස් ගනුදෙනුවලට යහපාලන ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍ය මහින්ද අමරවීර මහතා,  

'අපි රටක් විදියට ඉස්සරහට යෑම අවශ්‍යයි. හම්බන්තොට දිස්ත්‍රික්කය දියුණු කරගන්න අවශ්‍යයි. මේ දිස්ත්‍රික්කයේ තවම ඉන්නවා රැකියා නැති විශාල ප්‍රමාණයක්. වැසිකිලි නැති 15,000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 26 ක් මම ඉඳලත් දිස්ත්‍රික්කයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලත් තවමත් නිසි පරිදි වැසිකිලියක් නැති ජනතාව 15,000 ක් ඉන්නවා කියන එක ගැන මම ලැජ්ජ වෙනවා.'

'ධීවර අමාත්‍යංශය තුළ මම පළමුවෙන්ම ධීවර ජනතාවට වැසිකිලි පහසුකම් ලබා දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කළා. මේ අවුරුද්දෙ අපි බලාපොරොත්තු වෙනවා 7000 කට වැසිකිලි ආධාරය ලබා දෙන්න. ලබන වසරේ දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගෙ සනීපාරක්ෂක ගැටළුව විසඳන්න බලාපොරොත්තු වෙනවා. ධීවර ජනතාවගේ මෙන්ම අනෙක් අයගේත් නිවාස ගැටළුව විසඳීමට පටන් ගෙන තිබෙනවා.'

- හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment