තායිවානයේ ඊස්ටර්න් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගනක පද්ධතියට ඇතුළු වී බැංකුව සතු මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර මේ වනවිට ශලීල මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. සමාගම පවසන්නේ අදාල සොරකම සම්බන්ධයෙන් ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
රජයේ අනුබද්ධිත සමාගමක් වන ලිට්රෝ ලංකා සමාගම දැඩි නියාමන රාමුවක් තුළ කටයුතු කරන බව එම සමාගම පවසයි. පසුගිය 2016 වසර තුළදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 8.43 ක දායකත්වයක් දක්වා ඇති එම සමාගම කාර්යක්ෂම සේවාවක් හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති බව ද සමාගම නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. තම සමාගම විනිවිදභාවයකින් සහ සදාචාරාත්මකව ව්‍යාපාර කටයුතු සිදුකරන බව ද එම සමාගම පෙන්වා දෙයි.
තායිවාන් බැංකුවෙන් සොරකම් කරන ලද මුදල් රුපියල් මිලියන 200 මෙරට ලංකා බැංකුවේ ගිණුම් තුනකට බැර කර තිබූ අතර ශලීල මුණසිංහ මහතා රුපියල් මිලියන 30 ක් පමණ ගිණුමෙන් නිදහස් කරගෙන තිබේ. කෙසේ වෙතත් ශලීල මුණසිංහ මහතා රහස් පොලීසියට පවසා ඇත්තේ තමා සතුව ඇත්තේ රුපියල් ලක්ෂ 20 ක් පමණක් බවයි.
0 comments :
Post a Comment