සියළු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු ! - උතුරේ උද්ඝෝෂන

සියළු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු ! - උතුරේ උද්ඝෝෂන

 

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටි අතර දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ එම්. සත්තිවේල් පියතුමා සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන නඩු ඇතිව සහ නැතිව 160ක පමණ පිරිසක් රඳවාගෙන සිටින බවත් ඔවුන් වසර ගණනක් සිරගතව දුක් විඳින බවත්ය. එසේම මුල් කාලයේදී වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පසුව වෙනත් බන්ධනාගාර වලට යොමු කර ඇති බවත් එහිදී ඔවුන්ට භාෂා ප්‍රශ්න වලට මුහුණ දීමට දීමට සිදුව ඇති හෙයින් ඔවුන් නැවත වව්නියාව බන්ධනාගාරයට රැගෙන ආ යුතු බවත් එතුමා ප්‍රකාශ කළේය. 

එසේම ජනතා විමුක්ති පෙරමුණේ කැරළි වලදී දෙවතාවක් ම ඔවුන්ට පොදු සමාව ලබා දී සියළු දෙනාම නිදහස් කළ නමුත් යුද්ධයෙන් වසර 8කට පසුත් මේ දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි එතුමා ප්‍රශ්න කළේය. 

එසේම, මේ රැඳවියන් අතරින් සමහරුන් උපවාස ක්‍රියාමාර්ග වලටත් යොමු වී ඇති බව පෙන්වා දුන් පියතුමා ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර නොගන්නේ නම් තමන් උතුරෙන් දැඩි බලපෑමක් එල්ල කිරීමට පසුබට නොවන බවද ප්‍රකාශ කළේය. 

- වන්නි රොමේෂ් මධුශංක

IMG 3810

IMG 3807

IMG 3806

IMG 3804

IMG 3803 1

IMG 3802

IMG 3800

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment