ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්ථාව උතුරු මහ ඇමති ප්‍රතික්ෂේප කරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්ථාව උතුරු මහ ඇමති ප්‍රතික්ෂේප කරයි !

 

එම නිවේදනයේ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ,

‘නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබා දෙන විසඳුම රජය පැහැදිලිව ප්‍රකාශ කර එය ව්‍යවස්තාවට ඇතුලත් කළ යුතු බවත්ය.

එමෙන්ම එලි දැක්වූ අතුරු වාර්ථාව මගින් සියල්ලන් ශ්‍රීලාංකිකයින් ලෙස දක්වා ඇති වුවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක් කර නොමැති බව එම නිවේදනයේ පෙන්වා දෙයි.

මේ නිසා දෙමළ ජනතාව වෙනම කොටසක් සේ සලකා නව ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය තුලින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම මගින් පමණක් මෙරට සාමය ඇති කිරීමට හැකි බවත් නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක්ද අපේක්ෂා කරන බවට දෙමළ ජනතා සභාව විසින් එලි දක්වා ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත.

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment