G 24 සභාපතිත්වය ලංකාවට.


ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධනය පිළිබඳ රටවල් 24 කණ්ඩායමේ (ජී 24) සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ලබන වසර සදහා මෙම සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවුයේ වසර 18 කට පසුව වීම විශේෂත්වයකි.

මේ දිනවල අමෙරිකාව නිල සංචාරයක නිරත වන මුදල් අමාත්‍ය මංගල සමරවීමර මහතා ඊයේ (14) දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සභපතිත්වය නිල වශයෙන් බාරගෙන ඇති බව වාර්තා වේ.

ලබන වසරේ ජී 24 කන්ඩායමේ තේමාව වී ඇත්තේ වර්ධනය, කියා සහ ප්‍රතිසංස්කරණ යන්නයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීමර මහතා මේ දිනවල අමෙරිකාවේ නිල සංචාරයක නිරත වන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරවලට සහභාගිවීම සදහාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment