පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් GMOA නිල යෝජනා ලබා දී නැහැ - සෞඛ්‍ය ලේකම්

පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් GMOA නිල යෝජනා ලබා දී නැහැ - සෞඛ්‍ය ලේකම්

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ලේකම්වරයා අතර ඔක්තෝම්බර් මස 02 දින සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී තීරණය කෙරුණේ අදාල කරුණ සම්බන්ධයෙන් දින දෙකක් තුල සිය යෝජනා ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව ලබාදීමටයි. 


ඒ අනුව ඒ සදහා ලබාදුන් කාලය ඊයේ (04) පස්වරුවේ අවසන් විය. මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණයට රාජ්‍ය සේවා කොමිශන් සභාවේ ද අනුමැතිය හිමි වූ අතර එය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන ලදි. නමුත් ඔක්තෝම්බර් මස 02 දින පැවැති සාකච්ඡාවෙන් පසු එම ලේඛණය ක්‍රීයාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූව ද හෙට (06) දින සිට මෙම ලේඛණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment