14 හැවිරිදි දැරියක්ව සිටියදී ලැඟුම්හල්වලට ගෙනියපු පෙම්වතාට වසර 4කට පසු ලැබුණු දඬුවම

දැරියගේ කැමැත්ත මත සියල්ල සිදුවෙලා.....


දූෂණය වූ දැරිය දැන් 17 හැවිරිදි දෙදරු මවක්...

14 හැවිරිදි දැරියක් සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇය දූෂණය කිරීමේ චෝදනාව මත තරුණයෙකුට සිර දඬුවම් නියම වී තිබෙනවා.

මීගමුව, බෝලවලාන ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරියගේ දෙමව්පියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 4ක නඩු විභාගයකින් අනතුරුව මෙලෙස සිර දඬුවම් නියම වුණා.විත්තිකරු වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය සමඟ පෙම් සබඳතාවයක් පැවැත්වූ මෙම තරුණයා මීගමුව ප්‍රදේශයේ ලැඟුම්හල්වලදී, අවස්ථා කිහිපයකදී දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව තිබුණා.

එම චෝදනාව මතයි මීගමුව මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට විසින් විත්තිකරුට සිර දඬුවම් නියම කර ඇත්තේ.

දැරියගේ කැමැත්ත මත මෙම ලිංගික අපයෝජනයන් සිදුකළ හෙයින් වසර 15ක අත්හිටවූ සිර දඬුවම් සහ බරපතල වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කරනු ලැබුවා
මීට අමතරව අපයෝජනයට ලක්වූ දැරියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද විනිසුරුවරිය විසින් විත්තිකරුට නියෝග කෙරුණා.

අදාළ දැරිය මේ වනවිට 17 වැනි වියෙහි පසුවන අතර දෙදරු මවක් වන බව සඳහන්.

ඇය විත්තිකරුට එරෙහිව සාක්ෂි ලබා දීමට අකමැති වූ බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment