කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට 25 ජල සැපයුම නෑ


අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25දා)  දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිතය.
හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.
 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment