කොට්ඨාස දූෂණ මර්ධන අංශයට ලැබුනු බුද්ධි අංශ තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව බස්නැවතුම්පළේදී රැකවල් දමා සිටි අතර සැකකරුවෙකු යාපනයේ සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයකින් පැමිණි අවස්ථාවේදී වව්නියාව බස් නැවතුම් පලේදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර යාපනයේ සිට කොළඹට මෙම හෙරෝයින් තොගය රැගෙන යාමට සැලසුම් කොට ඇති බවට වව්නියාව කොට්ඨාස දූෂණ මර්ධන අංශය විසින් අනාවරණය කොට ගෙන ඇත.
උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි වව්නියව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එම.එස්.එම්. තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයන් පරිදි සහකාර පොලිස් අධිකාරී පියසිරි ප්‍රනාන්දු මහතාගේ සහ වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝර ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ආර්.එම්.ආර්.ටී. රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් 25138 පාලිත, පොලිස් කොස්තාපල් වරුන් වන 48265 වීරසිංහ, 48350 සමන්, 72469 අරුණ , 81935 ගුණතිලක , පොලිස් කොස්තාපල් රියදුරු 76145 මංජුල යන අය විසන් මෙම හොරෝයින් ජාවාරම අත්අඩංගුවට ගැනීමට දායක වී ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment