"බිට්කොයින්" භාවිතය තහනම්?


බැංකු ලෝකයේ දැනට විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩිජිටල් මුදල් ඒකකයක් වන බිට්කොයින් භාවිතා කිරීම තහනම් කිරීමට කුවේටය සැළසුම් කර තිබෙනවා.

බිට්කොයින් මුදල් ඒකකය ගණුදෙනු සඳහා භාවිතා කිරීම ඉතා අවදානම් බව කුවේට් මහා බැංකුව විසින් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බව කුවේට් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ.

කුවේටයේ ක්‍රියාත්මක වන විශාල බැංකු සංඛ්‍යාවක් මේ වනවිටත් බිට්කොයින් ඩිජිටල් මුදල් ඒකකය ගණුදෙනු සඳහා භාවිතා කිරීම තහනම් කර, සිය බැංකු ප්‍රතිපත්ති වලටද එක්කර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment