අභිරහස් ලෙස මියගිය මවගේ මළ සිරුර ළඟ දවස් දෙකක් තනියම සිටි සිඟිති දියණිය


අම්බලන්ගොඩ මාදම්පාගම- ඉඩම්තොට ප්‍රදේශයේදී වයස අවුරුදු 22ක් වන තරුණ එක්දරු මවක් සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ විමුශිකා දිල්හානි නම් එක්දරු මවකි. 

මිය ගිය කාන්තාවගේ සැමියා ධීවර රැකියාවේ නියැලෙන අතර පසුගිය නොවැම්බර් 1 වන දා ගාල්ල ධීවර තොටුපලින් බහුදින යාත්‍රාවක මුහුදු ගොස් තිබේ.
ස්වාමියා ද නිවසේ නැති බැවින් මිය ගිය කත සිය මවගේ මහ ගෙදරට ගොස්

දින කිහිපයක් එහි නැවතී හිද පසුගිය 7 වන දින සවස 6.00 ට පමණ  තමා පදිංචි නිවසට පැමිණ තිබේ. ඒ බව ඇය දුරකථනයෙන් සිය මවට පවසා ඇත.
ඉන් පසු ඉකුත්  8 වන දා හා 9 වන දා යන දෙදින තුළ ඇයගෙන් කිසිදු දුරකථන ඇමැතුමක් නොලද නිසා ඇයගේ මව පසුගිය 9 වන දා සවස 4.30 පමණ  ඇය පදිංචි නිවෙසට පැමිණ තිබේ.
වසා තිබෙන දොර ඇරගෙන නිවස තුළට ගොස් බලන විට වයස එකහමාරේ සිඟිති දියණිය මිය ගිය කාන්තාව අසළ ඇඳ මත සිටින අයුරු දක්නට ලැබී ඇත.
මේ බව අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ වැඩිදුර පරීක්ෂණ සිදු කර තිබේ.
මිය ගිය කතගේ නහයෙන් ලේ වහනය වී තිබී ඇති අතර වෙනත් කිසිදු බාහිර තැලීමක් හෝ සීරීමක් සිරුරේ තිබී නැත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය  පැවැත්වීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මුලික රෝහලට මෘත ශරීරය බාර දී තිබේ.මේ කුඩා දැරිය මව මියගොස් දින දෙකක් පමණ ඇය අසළ සිට ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment