' යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී පැවසීය.
අමත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවේ රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට සහ ජනතාව රෝගයට ගොදුරවීමෙන් වළක්වාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැදගත් පියවර රැසක් ගෙන තිබෙන බවයි.
‘මැලේරියා රෝගයට ගොදුරු වී සිටින රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් යළි රෝගය පැතිරයාමේ අවදානමක් පවතිනවා. එම නිසා විදේශීය රටවලින් පැමිණෙන සංචාරකයින් සදහා රෝග නිවාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම රුධිර පරීක්ෂණ වැඩසටහන් ඒ අතරින් ප්‍රධානයි. තවත් ප්‍රතිකාර ක්‍රම රැසක් සිදු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කලේය.
බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව ගෝලීය සෞඛ්‍ය සමුළුව සමුළුව සංවිධානය කර තිබුණි. “බෝවන රෝග තුරන් කිරිම සදහා සියලු දෙනා එක්වීම” එහි තේමාව විය. මෙම සමුලුව සඳහා ලොව පුරා සෞඛ්‍ය නායකයින් 200 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
0 comments :
Post a Comment