මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් ඇල්ල දුම්රිය ස්ථානයට

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් ඇල්ල දුම්රිය ස්ථානයට

 

සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ථාපිත කළ මෙම ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රය තුළින් දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම ප‍්‍රදේශවාසින්ටද වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හි දී සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව, ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍ර CDM සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර ATM 100ක් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ස්ථාපිත කෙරිණි.

දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරි( ශාඛා කළමනාකරණ) ක්‍රිෂාන්ත ගුණරත්න බදුල්ල ප‍්‍රාදේශීය කළමනාකාර සී. ප‍්‍රනාන්දු යන මහත්වරුන්, ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, සහභාගි වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment