මේ මංඤං ආණ්ඩුවට ජනපති ආර්යාවට වඩා නෙවස්කා ආර්යාව ලොකුයි මට හම්බ වුණානං උම්මා එකක් දෙනවා - විමල් වීරවංශ


මේ මංඤං ආණ්ඩුවට
ජනපති ආර්යාවට වඩා නෙවස්කා ආර්යාව ලොකුයි
මට හම්බ වුණානං උම්මා එකක් දෙනවා
- විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය ඊයේ (12) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගී වීය.
විමල් විරවංශ මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.
“මේ තමයි පුජනීය අනුරාධපුර පොළව.පළාත් පාලන මැතිවරණ සටනේ ආරම්භක ප්‍රහාරය
එල්ල කරන භුමිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ගෙනාවා එක ලෙවල් එකකට.ආර්ථිකය ගෙනාවා එක ලෙවල් එකකට.දේශපාලන ස්ථාවරභාවය ගෙනාවා එක ලෙවල් එකකට.ඒ තිබිච්ච ලෙවල් එකෙන් පල්ලෙහා ලෙවල් එකකට වැටිච්ච රටක් මේ රට.ජාත්‍යන්තරය ජය ගෙන ඇත.තෙල් සතියකට ස්ටොක් එක නැත.හදිස්සියකට තෙල් ටිකක් ඉල්ලා ගන්න මොනම ජාත්‍යන්තර මිතුරෙකුද නැත.”

“අම්මපා මේ ජාතියේ බෙලහීන මඤ්ඤං ආණ්ඩුවක්.ඒ තෙල් නැති කාලේ බුදු අම්බේ මේ රටේ ජනාධිපති ආර්යාවට වඩා තැනක් තිබුණා නෙවෙස්කා ආර්යාවට.මට හම්බුනා නම් ඒ ආර්යාවට උම්මා එකක් දෙනවා.බලය බෙදන්න කලින් හාදයෝ තෙල් ටික බෙදහල්ලා.එහෙමයි මුහුණු පොතේ තරුණයෝ කියන්නේ.දැන් වික්‍රමසිංහලා ලෑස්ති වෙනවා යුද්දෙන් බෙදන්න බැරි වෙච්ච රට නීතියෙන් ව්‍යවස්ථාවෙන් බෙදන්න.එකා මත්තේ එකා මලත් මේ පරගැති දේශද්‍රෝහී ආණ්ඩුවේ බලය කුජීත කරන්න ඕනා.පාර්ලිමේන්තුව ඇතුළෙයි,එළියෙයි.එළියෙනම් බලය දැන් කුජිත වෙලා ඉවරයි.ජන්දේ තිබ්බම පෙනෙයි.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment