ගිංතොට අවුළුවන්නට මුල්වූ මුස්ලිම් - සිංහල ජාතිවාදී ගැටලුව සමථයට


ගිංතොට අවුළුවන්නට මුල්වූ
මුස්ලිම් - සිංහල ජාතිවාදී ගැටලුව සමථයට

ඊයේ රාත්‍රියේ සිට ගාල්ල ගිංතොට ප්‍රදේශය හා ඒ අවට ගම් කිහිපයක් ආශ්‍රිතව පැනනැගි ජාතිවාදී ගැටුම්කාරී තත්වයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවූ බව රජය දන්වා තිබේ.
කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට අද උදේ 9 දක්වා ඇඳිරිනීතිය
පනවන්නට මුල්වූයේ
මීට දින 2 කට  පෙර ගිංතොට මුස්ලිම් ගම්මානයකදී යතුරුපැදියක ගමන් ගත් සිංහල තරුණයින් දෙදෙනෙකු
අතින්
මුස්ලිම් කාන්තාවක් අනතුරට පත්වීමයි. ඒ සමග නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර මුස්ලිම් පිරිසක් මෙම තරුණයින් දෙදෙනාට හිරිහැර කර ඇත.
පසුව පහරදීමට මුල්වූ මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු පාපන්දු තරගයකට ගොස් සිටියදී සිංහල තරුණයින් කිහිප දෙනෙකු එක්වූ එම තරුණයින්ට ප්‍රතිප්‍රහාර සිදුකිරීමේ සිද්ධියක්ද වාර්තාවේ.


අනතුරුව මෙම ජාතීන් දෙපිරිසේ තරුණ පිරිස් අතර ගැටුම් මතුව ඇත.
 ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පිරිසක් ඊයේ (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට අලාභහානි කරන ලද බවත් ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන ආ බවත් ප්‍රදේශවාසින් සඳහන් කර ඇත.
මෙම ගැටුම මැද වෙඩි ශබ්ද ඇසුණු බවත් වාර්තාවී ඇත.
පිරිස් සාමකාමී කිරීමේ අරමුණින් පොලිසිය මැදිහත්වූ අතර අද (18) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක විය.
 විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබුණි.
මෙම සිදුවීම් දඩමීමා කරගනිමින් කටයුතු කිරීමට අන්තවාදී බලවේග උත්සාහ කර ඇති බැවින් ආරක්ෂක අංශ
සීරුවෙන් තබන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.
සමාජ මාධ්‍ය පතුරන ඇතැම් අසත්‍ය ආරංචි මෙම තත්වය තවත් අවුලන්නට මුල්වන නිසා සියලු ආරංචි නිවැරදි නොවන බැවින්  විමසිල්ලෙන් පසුවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment