අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්.
අග්‍රාමාත්‍යවරයා හෙට (20) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
හෙට පස්වරුවේ ෂැන්ග්‍රිලා - කලම්බෝ හෝටලයේ පැවැත්වෙන 'බිස්නස් ටුඩේ - ටොප් 30' (BUSINESS TODAY TOP 30 & BUSINESS TODAY PASSIONATE) සම්මාන උළෙලේදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවත්, සියලු මාධ්‍ය එම අවස්ථාවට කැඳවනු ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
බිස්නස් ටුඩේ' ආයතනය විසින් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීම සඳහා පැවැත්වෙන මෙම සම්මාන රාත්‍රීයට රටේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයින්ට ආරාධනා කර ඇති බව බව වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් ම බවත්, මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කල බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ මහනුවර දී මාධ්‍ය හමුවේ පැවසිය.
- SLM
0 comments :
Post a Comment