ලබන සඳුදා ඓතිහාසික දිනයක් වන ලකුණු

ලබන සඳුදා ඓතිහාසික දිනයක් වන ලකුණු

 

අග්‍රාමාත්‍යවරයා මෙසේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් මය. මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයකි. අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කර තිබේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් ද කිසිදු පැකිළීමකින් තොරව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්හ. බැඳුම්කර කොමිසම හමුවේ ඇති වූ ආන්දෝලනාත්මක තත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් විය. මින් පෙන්නුම් කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂය කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂයක්ද යන්නය.

එසේම අග්‍රාමාත්‍යවරයා මෙසේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ඉහළින් ම අගයන කටයුත්තකි. මෙය ශ්‍රී ලංකාව ගෝත්‍රික ඒකාධිපති දේශපාලනයෙන් මිදී සුබවාදී අනාගතයක් කරා යොමුවන බවට පෙරමඟ ලකුණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

සබැඳි පුවත් -

මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment