ලංකාවේ බාල දේශපාලනය විශ්වාසභංගෙන් පෙන්නුවා - අනුර කුමාර

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා අද මෙසේ පැවසීය.

 ‘විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමේ සිට ඒ සම්බන්ධ ඡන්ද විමසීම දක්වා සිදුවු ක‍්‍රියාදාමය දිහා බැලූවාම අපේ රටේ දේශපාලනයේ කැත මජරකම හොඳටම පෙන්නුම් කරනවා.

          විශ්වාසභංග

යෝජනාවට අත්සන් කළ අය ඡන්දය දෙන්න එන්නේ නැහැ. විශ්වාසංගයට පක්ෂව අගමැතිට එරෙහිව දැඩි විවේචනයක් ගෙනාපු අය පක්ෂව ඡන්දය දෙන බවට මාධ්‍ය සාකච්ඡා පවා කළ අය අවසානයේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දේ දෙනවා. විශ්වාසභංගය භාරදෙන්න පවා ආපු මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ හෝ විශ්වාසභංගය සම්බන්ධ විවාදයේදී එක වචනයක්වත් කතා කළේ නැහැ. අපි එදා සිටම කිව්වා විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දෙනවා කියලා. කිව්වා වගේම දුන්නා. අපේ විවේචනයත් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ අඩංගු නැති කරුණුත් අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කළා.

          මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමයි මේ විශ්වාසභංගය යෝජනාව ගෙන ඒමේ පුරෝගාමියා. නමුත් ඔහු අසමත් වුණා රටම කෙසේ වෙතත් අඩුම තරමින් තමන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරු ටිකවත් එක මතයකට ගේන්න. තමන්ගේ පක්ෂයවත් තමන්ට  ඕන ලෙස හසුරුවා ගන්න බැරි නායකයෙක් කොහොමද රටට නායකත්වය දෙන්නේ.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment