විමල් ෆොන්සේකාට පාර්ලිමේන්තුවෙදි කලවැද්දා කියන්න ගොස් ව්‍යාඝ්‍රා භූතයා ගැන අහගනී


විමල් ෆොන්සේකාට පාර්ලිමේන්තුවෙදි
කලවැද්දා කියන්න ගොස්
ව්‍යාඝ්‍රා භූතයා ගැන අහගනී



ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනා විවාදය බොහෝ දේශපාලකයින්ට සිය පරණ කෝන්තර පිරිමසා ගන්නට අපූරු අවස්ථාවක් තැනූ වේදිකාවක් විය.
මෙම විවාදයේ මඩ කථිකයින් පිරිස අතර ඇතිවූ වාද ඇතැම්වා රසවත් වූ අතරම ඇතැම්වා පිළිකුල් සහගත විය.
 ඇමති සරත් ෆොන්සේකා සිය කතාව පවත්වන අතරතුර හිටපු ජනපතිවරයා ජාතිවාදය අවුස්සා
තමන්ගේ ඡන්ද

පදනම වැඩි කරගන්නා අයෙකු ලෙස හඳුන්වා දුන් අතර මේ අවස්ථාවේ විමල් ඔහුට කලවැද්දා යයි කියා කෑ ගැසුවේය.ඊට පිළිතුරු ලෙස ෆොන්සේකා විමල්ගේ නිවසේ මියගිය තරුණයා සහ ව්‍යාඝ්‍රා භුතයෙකු ගැන මතක් කළේය.
තවත් අවස්ථාවක රතු රෙදි පටිය ඔතාගෙන සිටින තරුණ මන්ත්‍රීවරයෙකු ගැන කතාවක් කරද්දී ඡන්ද 5000 ක්වත් ගන්න බැරි කේවට්ටයා ලෙස ඔහුට බැණ වැදුනේ රංජිත් සොයිසාය.ඊට පිළිතුරු ලෙස ෆොන්සේකාද බූරුවා ගොනා කියා බැණ වැදුනේය. 2020 ජනපති අපේක්ෂකයා වෙන්න යන කෙනා ගැන කියමින්  ෆොන්සේකා කතා කරන්නට යාමේදීද උණුසුම් තත්වයක් මතුවිය.
එම අවස්ථාවන්හි වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment