ප්‍රතිසංවිධානයට හිස නමමින් ඉල්ලා අස් වෙනවා

ප්‍රතිසංවිධානයට හිස නමමින් ඉල්ලා අස් වෙනවා

පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව ඉල්ලා ඇති පරිදි එම කටයුතු වෙනුවෙන් සහය දීම සඳහා සිය මහ ලේකම්ධූරයෙන් ඉල්ලා අස් වන බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය. පක්ෂයක විටින් විට වෙනස්කම් සිදු විය යුතු අතර එක්සත් ජාතික පක්ෂයද අලුත් මුහුණු සමඟ ඉදිරි දේශපාලනයට මුහුණ දීමට සුදානම් බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. එළඹෙන 07 හා 08 යන දෙදින තුළ ප්‍රතිසංවිධාන කමිටුවක් කැඳවා නිලතල සඳහා නව පත්කිරීම් යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කබීර් හෂීම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් තනතුරු වෙනුවෙන් වැඩ නොකරන බවත් සියළු දෙනා කැප වන්නේ පක්ෂය වෙනුවෙන් බවත්ය. මේ මොහොතේ තමන්ට අවශ්‍ය වන්නේත් පක්ෂය හා පක්ෂයේ නායකත්වය ශක්තිමත් කිරීම බව හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment