මහවැලි ගංගාවට මෙන්ම එහි අතු ගංගාවන් ආශ්‍රිත රක්ෂිත කලාප වෙත අනිසි අයුරින් කැළි කසල බැහැර කරන බවත් වර්ෂා කාලයේදී එම අපද්‍රව්‍ය ගංගාවෙත ගලායන බව ඒ පිළිබද අධ්‍යනයක් කරන භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසයි. මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන පිඟාඔය ආශ්‍රිතව මෙම සංසිද්ධිය පැහැදිලිව දැකිය හැකි බවත් එවැනි අතු ගංගා බොහෝ විට කුණු කාණු බවට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය.
මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කදුකරය ආශ්‍රිත ජලාශවල විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් අපද්‍රව්‍ය ආදිය රැදි තිබෙනු දැකිය හැකි වේ. මහවැලි ගංගාවේ මෙය බහුලව දැකිය හැකි අතර පොල්ගොල්ල ජල හැරවුමේ මධ්‍යම වශයෙන් ද කොත්මලේ, රන්දෙණිගල හා රන්ටැඹේ ප්‍රදේශවල සුලු වශයෙන් මෙම සිද්ධිය හැකිය හැකිවේ.
ගංගාවක් මතුපිට භාරය, ද්‍රාවණ භාරය හා පතුල භාරය වශයෙන් ස්ථර තුනකින් යුක්තව පවතින අතර මේ වන විට ඒ ස්ථර තුනම ඝන අපද්‍රව්‍යවලින් යුක්ත යැයි සදහන් කළ ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය මෙසේ සදහන් කළාය.
දැනට දශක කිහිපයකට ඉහතදී මෙවැනි ඝන අපද්‍රව්‍ය රැස්වීමක් සිදුවුණේ නැහැ. ඒ වෙනුවට මතුපිට ගලා ගියේ ස්වාභාවික ද්‍රව්‍ය පමණයි. එවැනි දේ දිරාපත්වුණු නමුත් වර්තමානයේදී ගංගා මතුපිට පවතින ද්‍රව්‍ය දිරිපත්වීමක් වන්නේ නැහැ.නමුත් අද සීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මේ නිසා ජලජ ජීවින්ට හා ජලජ ශාඛවලට සෘජු හානි සිදුවන අතර ජලය පාරිභෝජනය කරන මිනිසාට වක්‍ර හානි සිදුවෙනවා. ගංගා ජලය අපවිත්‍රවීම නිසා මිනිස් පරිභෝජනයට ගන්නා ජලය පිරිපහදු කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල කැළිකසල බැහැර කිරීම විධිමත් නොවන නමුත් ඔස්ට්‍රියාව, ජර්මනිය, නෝර්වේ, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල මෙවැනි ගැටලුවක් නැහැ. ජනතාව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබද දැනුවත් ව සිටින අතර දිරාපත් නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන පවා යළි සිය අපද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේද හදුන්වා දී ඇතැයි ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment