ජගත් සෞඛ්‍ය සම්මානය ලංකාවේ වෛද්‍ය සංජීවට.
ලංකාවේ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ලොව හොඳම සෞඛ්‍ය විද්‍යාඥයින් 500 දෙනා අතරටත් එක් වෙයි.
සෑම කළු වළාවකම රිදී රේඛාවක් පවතින ලෙසින් වර්තමානය වන විට අපේ රටේ ළමා, තරුණ,වැඩිහිටියන් අතර විද්‍යාත්මක පිඹිදීමක් දැකිය හැක්කේ ජාතියේ වාසනාවට මෙන්ය. දරු දැරියන් තම අතට හසුවන කූමන හෝ ආකාරයක විද්‍යාත්මක ලිපියක් කියවන්නේ කලාතුරකින් ගොදුරක් ලද විට එය අනුභව කරන කූසගින්නේ සිටි ව්‍යාඝ්‍රයන් පිරිසක් මෙනි.අවාසනාවට මෙන් මේ ඉල්ලූම සපුරා ලීමට තරම් විද්‍යාත්මක ලිපි, වැඩසටහන් පළ නොවන තරම්ය.
විද්‍යුත් නාලිකාවල උදේ සිට මැදියම් රාත්‍රී දක්වා විකාශය වන්නේ නළු නිළියන් කන බොන නිදන අන්දමයි.මේ සියල්ල නිසා නූතන තරුණ පරපුර විද්‍යා සාහිත්‍ය කෘති පසුපස ඉව අල්ලමින් යන අන්දම අපට ලැඛෙන ප්‍රතිචාර වලින් තහවුරු වෙයි.
මේ සියලු කරුණු අතර සෙෘඛ්‍ය විද්‍යාත්මක ලිපි සහ ගූවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් කෙරෙහි ජනතාවගේ දැවැන්ත උනන්දුවක් පවතියි.මේ ජනතාවට ප්‍රඥාව පහළ වෙමින් පවතින යුගයකි.අබුද්දස්ස යුගය නිමාවට පත්වෙමින් පවතියි. සමාජය විවිධ රැළි වලට හසුවී උඩුගම් බලා ගියද ජලය තූලට ඔබන බැලුම් බෝලයක් උඩ මතූවන්නා සේ ජනතාව සත්‍ය සොයා යෑම අරඹා ඇත.මේ ප්‍රඥාවේ යාත්‍රාව පැද යාමට නොයෙක් බාධා ඇති වුවද ඉන් මිදීමට විද්‍යා සාහිත්‍ය කෘති වලට අංශුමාත්‍ර වූ කාර්යයක් කළ හැකි බව ජාත්‍යන්තරයට මෙරට කීර්තිය රැගෙන ගිය වෛද්‍යයරයකු පෙන්වා ඇත.
2017 වසරේසෞඛ්‍ය අංශයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරිමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් ලාංකික වෛද්‍යවරයෙකු වන, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යකෂ වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතාට හිමි වි ඇත.
Global Award For Academic Championship 2017 නම් මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත්තේ ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ වාර්තා ඇගයිමේ කාර්යෙහි නිරත වන International Agency For Standards and Rating (IASR) ආයතනය මගිනි. ඒ සමගම වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා අදාළ ආයතනය මගින් එහි යාවජීව සමාජිකත්වය (Fellow, Directorate of Health Service - IASR) පිරිනමා ඇත. ලාංකිකයෙකු මෑත කාලයේදී මෙම ඇගයීමට ලක්ව ඇත්තේ ප්‍රථම වතාවට වීමද මෙහි විශේෂත්වයකි.
ලොව පුරා රටවල් 56ක විද්‍යා පර්යේෂකයින් 6000 කට ආසන්න ප්‍රමාණයක් අතරින් 2017 වසරේ සෞඛ්‍ය සඳහා වන මෙම ජාත්‍යන්තර ඇගයිම දිනා ගැනීමට වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා සමත්වීම ලංකාවේසෞඛ්‍ය සේවය ලද ජයග්‍රහණයක් ද වෙයි.
ලොව පුරා විසිරී සිටින ඉහළ අධ්‍යාපන හා පර්යේෂණ කුසලතා වලින් හෙබි විද්වත් වෘත්තියකින් ඇගයීම අරමුණු කොට මෙම IASR ආයතනය මගින් වාර්ෂිකව මෙම සම්මානය අංශ ගණනාවක් යටතේ කැපී පෙනෙන පුද්ගලයින්ට පිරිනැමීම සිදු කරයි. ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ලොව පුරා ඉහළ පිළිගැනිමකට පාත්‍ර වු ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක්මගින් විශේෂ ලකුණු දීමේ ක්‍රම වේදයකට අනුව මෙම තෝරා ගැනීම සිදුකරනු ලැබ ඇත. මේ IASR ඇගයීමට අනුව 2017 වසරේලොව ඉහළම ඇගයීමට පාත්‍රවන ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 500 දෙනා අතරටද වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතාව තෝරා ගෙන ඇත.
USA News corp වාර්තා කරන අන්දමට පසුගිය කල සීමාව තුළදී වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා විසින් සිදු කරන ලද විද්‍යාත්මක පත්‍රිකා ඉදිරිපත් කිරීම් හේතුවෙන් විද්‍යා සන්විවේෙදනය හා මාධ්‍ය හැසිරවීම ජාත්‍යන්තර වශයෙන් විශේෂ ඉහළ අවධානයට යොමුව තිබේ. මෙම වාර්තාවට අනුව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාගේ නායකත්වය යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අරඹන ලද වැඩසටහන්ද ඒ මහතා මුලික කොට සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ ද මෙරට සෞඛ්‍ය සේවයේ නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට සමත්ව තිබේ. කලාපීය විද්‍යා පර්යේෂණ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන්ද ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා වැනි තරුණ නායකයින් ලංකාවේ සෞඛ්‍ය සේවයේ නව තානාපතීන් බවටද මෙම ජාත්‍යන්තර වාර්තාව පෙන්වා දෙයි.
ලංකාව ඇතුළු ආසියානු කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ වඩා පුළුල් කොට පවත්වාගෙන යාමට මෙවන් පුද්ගලයින් සම්පත්දායකයින් ලෙස යොදා ගත හැකි බවද තවදුරටත් මෙම ජාත්‍යන්තර වාර්තාව දක්වා ඇත.
තංගල්ල ප්‍රාථමික විද්‍යාලය සහ තංගල්ල රාහුල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ද වීරකැටිය රාජපකෂ විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනයද ලද ඒ මහතා, රුහුණු විශ්ව විද්‍යාලයිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කරන ලද්දේ 2003 වසරේදීය. රෝහල් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් විද්‍යාපති උපාධි සම්පුර්ණ කරන ලද ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ලෙස පසුගිය කාල සීමාවේ දී කටයුතු කළේය.
කීර්තිමත් හා සෘජු තීරණ ගෙන කටයුතු කරන රාජ්‍ය නිළධාරිවරයෙකු ලෙස සෞඛ්‍ය අංශවල ප්‍රකට ඒ මහතා, 2007 වසරේදී ලංකාවේ හොඳම විද්‍යාසන්නිවේදකයා සඳහා වන විද්‍යාභිවර්ධන සම්මානය දිනා ගන්නා ලදී. සමාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විද්‍යාත්මක හා විචාර ලිපි ලිවිමේ හපන්කම් දක්වන වන වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ප්‍රධාන පෙළේ වෛද්‍ය ග්‍රන්ථ 05 ක කතුවරයෙකු ද වෙයි.
රෝහල් පරිපාලනය,සෞඛ්‍ය ආර්ථික විද්‍යාව, රෝගී සත්කාරක සේවා,රෝගී ප්‍රතිකාරවල ගුණාත්මක භාවය, බෝනොවන රෝග, වකුගඩු රෝග ආදී විෂය ගණනාවක් සම්බන්ධයෙන් ඒ මහතා ලිපි සහ පර්යේෂණ ඉදිරිපත් කොට ඇත. මෙවර IASR හිදි ඇගයිමට ලක්වන්නේ මෙසේ ජාත්‍යන්තර සගරා වල පළ වු ඒ මහතාගේ පර්යේෂණ පත්‍රිකාය.
මීට පෙර 2010 වසරේදී, රුපියල් ලකෂ 50කට ආසන්න වටිනාකමක් ඇති ශල්‍යාගාර ඇඳක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන රුපියල් විසිපන්දහසකට ආසන්න මුදලකින් නිමවීමට ඒ මහතා සමත් විය. එසේම රුපියල් ලක‍්ෂ දහයකට ආසන්න වටිනාකමක් දරණ නවජ උණුසුම්කරණ උපකරණයක් (Incubator) -රුපියල් පහලොස් දහසකට ආසන්න මුදලකින් නිමවාරජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ ඇගයීමට ද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පත්විය. 2017 වසරේ දී ලංකා හෘද රෝග සංගමයේ වාර්ෂික සැසි වාරයේදී හොඳම විද්‍යා පර්යේෂණ ඉදිරිපත් කිරිම සඳහා වන පළමු පෙළ සම්මානයද හිමි වුයේ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාටය.
හම්බන්තොටදිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ලෙසඒ් මහතා සේවය කල කාල සීමාවේදී වගා භුමි වලට සහ ධීවර ප්‍රජා ගම්මාන වලට ගොස් බෝනොවන රෝග වලට සහ වකුගඩු රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති රෝගීන් පරීක‍්ෂා කිරීමට අරඹන ලද ‘කෙතට සුවය‘ හා ‘ධීවර සුවය‘ වැනි නව වැඩසටහන් සෞඛ්‍ය අංශවලට නවතාවයන් එකතු කරන ලදී. මෙම ව්‍යාපෘති මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 25000 අධික ප්‍රමාණයකට සෙත සැලසීම අරමුණු වු අතර එහි පලමු අදියරය පසුගිය වසරේදී පවත්වන ලදී.
ඒ මහතා තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස සේවය කරන ලද සමයේදී පොලිතීන් සහ ප්ලාස්ටික් වතුර බෝතල් රෝහල් භූමියට රැගෙන ඒම තහනම් කළ අතර ඒ මහතා ඉදිරිපත් කරන ලද දර්ශනය මේ වන විට රජය නීතියක් ලෙස ස්ථාපනය කර ඇත.
වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් කිහිපයනම විශේෂාංග රචකයකු ලෙසද ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද කැපී පෙනෙන කාර්යයක් මෙරට විද්‍යා සන්නිවේදනයට ඉටු කරයි. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේපශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට අනුබද්ධව රෝහල් පරිපාලනය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයන කටයුතු හදාරමින් සිටියි. තමන් ලද මෙම ඉහළ ඇගයීම සම්බන්ධව අප සමග අදහස් දැක්වු වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා,
‘‘මෙරට විද්‍යා සන්නිවේදනය , විද්‍යා හා තාකෂණික පර්යේෂණ වලට හිමිව ඇත්තේ කුඩාම්මාගේ සැළකිළි. තමන්ටම අනන්‍ය වූ විද්‍යා හා තාක‍්ෂණික ක්‍රම වේදයකින් තොරව රටක් සංවර්ධනයට ගෙනයාම කළ නොහැකියි. මා ලද මේ අගය කිරිම ගැන නිහතමානීව සතුටු වෙනවා. රාජ්‍ය නිළධාරියකු ලෙස සේවය කරන අතර මේ අන්දමට විද්‍යා පර්යේෂණ සිදුකිරිමට හැකිවිම විශාල භාග්‍යයක්“
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මෙය තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන බවත්, මේ කාර්යය සඳහා අවශ්‍ය දැනුම ලබාදුන් ලංකා රෝහල් පරිපාලන විද්‍යාලයේ සියළු ගුරුභවතුන්ද, විශේෂඥ වෛද්‍ය නීලමනි රාජපකෂ, විශේෂඥ වෛද්‍ය අනුරාධිනි කස්තුරිරත්න යන මහත්මින්ද කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා, කරාපිටිය ශිකෂණ රෝහලේ අධ්‍යකෂවරුන් ශෙල්ටන් පෙරේරා සහ ජයම්පති සේනානායක ඇතුළු සහය දුන් සියළු දෙනාටම තම ගෞරව හිමිවන බව ද පැවසීය.
‘‘පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදුකිරිමට පවත්න ප්‍රධාන බාධාව මූල්‍ය පහසුකම් නොලැබීම බවත්, මෙරට සංවර්ධනයට අදාළ නොවන බොහෝ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන ගණනන් නාස්ති වන අවස්ථාවලදි විද්‍යා හා තාක‍්ෂණ අංශ දියුණුවට වැඩි අවධානයන් යොමු කළ යුතු බව“ත් ඒ මහතා පැවසීය.
‘‘ලොව දියුණු වී ඇති සෑම රටක්ම සංවර්ධිත තත්වයට පත්ව ඇත්තේ විද්‍යා හා තාක‍්ෂණික අංශයේ දියුණුව මතයි. රටක් ලෙස ඒ ගැන අවධානය යොමු නොකළහොත් ලංකාව කිසිදා සංවර්ධිත රටක් බවට පත් කළ නොහැකි බවත් විදේශ ණය ආධාර මගින් රටක් කිසිදා සංවර්ධනය කළ නොහැකි බවත් වැඩිදුරටත් පැවසීය. මේ ගැන අවධානය යොමු නොකිරීම නිසා අප මේ වන විට බරපතල ඛේදවාචකයකට ගොදුරු වෙමින් පවතින බවද ඔහු ලංකා නිව්ස් වෙබ් සමග පැවසීය.
මෙවර ජාත්‍යන්තර ඇගයිම සමග රට හැරයාමට අදහසක් පහළ නොවන්නේදැයි අප කළ විමසුමකට ඒ මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
‘‘ස්ථිර වශයෙන්ම රට හැරයාමට කිසිදු අදහසක් නැහැ, රට මෙයට වඩා සංවර්ධිත රාජ්‍යයක්බවට පත් කිරිමට වෘත්තිකයින් ලෙස අප කැපවිය යුතුයි. එසේ නොවුණහොත් අපේ රට අසංවර්ධිත අසමත් රාජ්‍යයක් බවට පත්වේවි. ඒ නිසා මා විශ්වාසකරනවා අපේ රට සමත් රාජ්‍යයක් කිරිමට මා හැකි පමණ දායක විය යුතුයි“.
කෙතරම් තනතුරු වරප්‍රසාද ලද නමුත්, ලංකාව හැර නොයා රටේ සංවර්ධනයට දායක වන මෙවන් උගතුන් හා බුද්ධිමතුන් අගය කිරිම හා රැක බලා ගැනීම, නිසි තැන ලබාදීම රජයක, ජනාධිපතිතුමා අගමැතිතුමා,සෞඛ්‍ය ඇමතිතුමාඇතුළු සියලු දෙනාගේම යුතුකමක් සහ වගකීමක් බව පැවසිය හැකිය. මෙවන් තරුණ වෘත්තිකයින් ට අවශ්‍ය දිරිමත් කිරිම ලබා දී රට සමාජ සංවර්ධනයට මෙහෙයවිය හැක්කේ එවිටය.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments :
Post a Comment