සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි

සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
ඒ අනුව අදාළ වාසනාවන්තයින්ට හිමි මුදල්  ත්‍යාග ප‍්‍රදානය කිරීම  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති  එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්්‍ආර්. විමලසිරි මහතාගේ හා සාමාන්‍යාධිකාරී ජේ.එම්. සමන් ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන්  අද (09) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.
 
එහිදී අද කෝටිපති 065  වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු 68,465,475 ක ජයමල්ල නුවරඑළිය සිට පැමිණි චන්ද‍්‍රලතා මහත්මිය වෙත ප‍්‍රදානය කළ අතර එම ටිකට්පත අලෙවි කළ නුවරඑළිය ප‍්‍රදේශයේ අතුල සුනන්ද බාලගේ මහතාටද මුදල් ත්‍යාග පිරිනමන ලදී. එමෙන්ම ලග්න වාසනා 2205 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 4,573,356 ක මුදල බලංගොඩ ප‍්‍රදේශයේ එම්.ජී. විජේරත්න මහතා වෙත ප‍්‍රදානය  කළ අතර එම ටිකට්පත අලෙවි කළ කිරිදිගල ප‍්‍රදේශයේ ඩබ්.ඒ.ඩී.කේ. ලක්ෂමන් මහතාටද මුදල් ත්‍යාග හිමිවිය.
 
මෙකී සුපිරි ජයමලු ලබාදීමෙන් නොනැවතී තවත් රුපියල් මිලියනයේ වාසනාවන්තයින් 17 දෙනෙකු බිහි කිරීමට නියත ජය, අද කෝටිපති, ශනිදා වාසනා, ජයෝදා, කෝටිපති ශනිදා, සුපර් බෝල්  යන සංවර්ධන ලොතරැයි පවුලේ සාමාජිකයින් සමත් වී තිබේ. මෙවරත් කෝටිපතියන් බිහිකරමින් විශාල මුදල් ප්‍රමාණයක් තිළිණ කළ සංවර්ධන ලොතරැයිය පිට පිට ලබා දෙන මෙම සුපිරි ජයමලුවල ඊළග වාසනාවන්තයා ඔබ විය හැකි බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ අවස්ථාවේදී සිහිපත් කළේය. එමෙන්ම තවදුරටත් සිහිනයක් නොවන මේ ජයමලු දිනා ගැනීමට වැඩි වැඩියෙන් සංවර්ධන ලොතරැයෙන් වාසනාව උරගා බලන ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටියේය.
 
dlb 1
dlb 2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment