උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි

උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි

 

වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ඊයේ (15) පැවැත් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

මෙම උත්සවයේ සංවිධාන කටයුතු අදාල විදුහල විසින් සිදුකර ඇති අතර ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා වෙත ආරාධනාකොට තිබුණි.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් ඊයේ පාසලට පැමිණි අතර තූර්යය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව පැමිණ ඇති අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment