ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව ඉදිරි සතිය තුළදී හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට අත්සන් කිරීමට නියමිත වේ. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක නිරතවෙමින් සිටින අතර එම සංචාරය අවසන්වීමෙන් පසු හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත වේ. දෛවයේ සරදමකට මෙන් මීලඟ සංචාරය බංග්ලාදේශ කණ්ඩායම සමග බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත අතර සිය පැරණි හිතවතුන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම හැසිරවීමට හතුරුසිංහ මහතාට සිදුව තිබේ.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් හතුරුසිංහ මහතා පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඇති අතර ඔහු නැවත ඩකා අගනුවරට පැමිණෙනු ඇති බවට බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් විශ්වාසය පළකරයි.
මෙම වසර මුලදී හතුරුසිංහ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කරන්නේ නම් පුහුණකරු තනතුර භාරගැනීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.
චන්දික හතුරුසිංහ මහතා 1991 - 1999 වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 35 කට එක්විය. ඔහු 2014 ජුලි මාසයේදී වසර දෙකකට බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ධූරයට ගිවිසුම්ගත වූ අතර 2016 දී නැවතත් 2019 වසර දක්වා එම ගිවිසුම දීර්ඝ කෙරිණි.
0 comments :
Post a Comment