බියර් මිල අඩුකිරීමට රාජිතගේ විරෝධය

බියර් මිල අඩුකිරීමට රාජිතගේ විරෝධය
අමාත්‍යවරයා පවසන්නේ අසත්‍ය කරුණු පදනම් කරගනිමින් බියර් මිල අඩුකිරීමට තීරණය කර ඇති බවයි.
 
අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීම සඳහා බියර් මිල අඩුකරන බවයි. එහෙත් රාජිත සේනාරත්න මහතා පවසන්නේ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඒ සඳහා නොමැති බවයි.
 
අයවැය වාර්තාවේ සඳහන් පරිදි කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙවැනි සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් මෙරට කසිප්පු ඇතුළු නීතිවිරෝධී මත්පැන් භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 6% ක් බවත් ඇමතිවරයා පවසයි. මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණයට අනුව මෙරට මත්පැන් භාවිත කරන්නන්ගෙන් 49% නීතිවිරෝධී මත්පැන් භාවිතා කරන බවයි.
 
අදාල සමීක්ෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු පෞද්ගලිකව සිදුකළ සමීක්ෂණයක් වන අතර එයට විශ්වවිද්‍යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ අනුව එය පිළිගත හැකි සාක්ෂියක් නොවන බවයි ඇමතිවරයා පවසන්නේ. පෞද්ගලික අධ්‍යයනයක් මගින් හෙළිකළ කරුණු පිළිගත හැකි සාක්ෂියක් නොවන බවත් එම කරුණු පදනම් කරගනිමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සුදුසු නොවන බවත් කැබිනට් මණ්ඩලයට ඒත්තු ගැන්වීමට තමන් උත්සාහ කරන බවද රාජිත සේනාරත්න මහතා පවසයි.
 
තමන්ගේ අමාත්‍යංශය සහ ජනාධිපතිවරයා මත්පැන් හා දුම්කොල භාවිතය අවම කිරීමට විශාල වැඩපිළිවෙලක් දියත් කරන බවත් එය සමස්ත ලෝකයේම පැසසුමට ලක්ව ඇති බවත් ඇමතිවරයා පවසයි. එසේ තිබියදී බියර් බදු අඩුකිරීම හරහා මත්පැන් භාවිතයට දිරි දීම රජයේ වැඩපිළිවෙලට අනුගත නොවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment