මෙය මහ ඇමති සිද්ධරාමයියා හට ලබා දී තිබෙන නිල නිවස වන ‘කාවේරි’ හි 2013 සිට 2018 වසර දක්වා තේ, කෝපි, බිස්කට් සහ ජලය සඳහා වැය වූ වියදම් වාර්තාවයි. විවේක් ගාජ් නමැති භාරතීය ජනතා පක්ෂ දේශපාලනඥයා විසින් මෙම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
මේ අනුව සිද්දරාමයියාගේ තේ-කෝපි-බිස්කට් බිල මෙසේ ය.
2013-2014 වර්ෂයේදී
බිස්කට් සඳහා-රු. ලක්ෂ3.5
තේ, කෝපි, ජලය සඳහා-රු. ලක්ෂ 10
2014-2015 වර්ෂයේදී
බිස්කට් සඳහා-රු. ලක්ෂ 4.56
තේ, කෝපි, ජලය සඳහා-රු. ලක්ෂ 6.5
2015-2016 වර්ෂයේදී
බිස්කට් සඳහා-රු. ලක්ෂ 4.56
තේ, කෝපි, ජලය සඳහා-රු. ලක්ෂ 6.7
2015-2016 වර්ෂයේදී
බිස්කට් සඳහා-රු. ලක්ෂ 4.5
තේ, කෝපි, ජලය සඳහා-රු. ලක්ෂ 7
2016-2017 වර්ෂයේදී
බිස්කට් සඳහා-රු. ලක්ෂ 4.5
තේ, කෝපි, ජලය සඳහා.රු. ලක්ෂ 7
2017-2018 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 4.5 ක බිස්කට් දැනට මිලදී ගෙන ඇති අතර, තේ, කෝපි සහ බෝතල් කළ පානීය ජලය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 7.2 ක් දැනට වැය කර තිබේ.
මේ අනුව මහඇමති පදවියට පත්වූ දිනයේ පටන් මේ දක්වා සිද්දරාමයියා විසින් බිස්කට් සඳහා ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින් ඉන්දීය රුපියල් ලක්ෂ 22 ක්ද, තේ, කෝපි සහ බෝතල් කළ පානීය ජලය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 38 ක්ද වැය කර තිබේ. සාමාන්‍යයෙන් මහඇමතිගේ වතුර බෝතල් බිල වර්ෂයකට ඉන්දීය රුපියල් ලක්ෂ 1.75 කි.
මේ අතර තවත් තොරතුරු ඉල්ලීමකින් හෙළි වී තිබෙන්නේ කර්ණාටක මහඇමතිවරයා මාස 6 ක් ඇතුළත නාන කාමරයේ පාවිච්චිය සඳහා අවශ්‍ය තුවා සහ කොට්ට උර සඳහා පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 4.78 ක් වැයකර ඇති බවයි.
පසුගිය වසරේ තොරතුරු පනත යටතේ හෙළිකරගත් තොරතුරු අනුව, සිද්ධරාමයියා ගතවූ වසර 3 ක් තුළ කර්ණාටක ප්‍රාන්තය තුළ තමනගේ ඡන්ද කොට්ඨාස වෙත සිදුකළ ගමනාගමනය සඳහා ඉන්දීය රුපියල් කෝටි 11 ක් වැය කර තිබේ. මේ අතර ගුවන් ගමන් සඳහා ද ඔහු විසින් ගතවූ වසර 3 තුළ කෝටි 20 ක් වැය කර තිබේ. සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන භීමප්පා ගදාද් විසින් ගොනු කරන ලද මෙම තොරතුරු ඉල්ලීමෙන් තහවුරු වූයේ එම වියදම් සම්පූර්ණයෙන්ම රජයෙන්, එනම් ජනතා බදු මුදලින් ගෙවා ඇති බවයි.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්දරාමයියා දියමන්ති ඇල්ලූ අත් ඔරලෝසුවක් පාවිච්චි කරමින් සිටින බව සහ, සිය බිරිඳගේ උපන් දිනයට ජලරෝධී සාරියක් තෑගි දුන් බව ය.
කෙසේ නමුත් කර්ණාටක මහඇමති සිද්දරාමයියා මේ අන්දමින් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් සිටින අතරවාරයේ කර්ණාටක ප්‍රාන්තයේ ගොවීන් 3000 ක් දෙනෙක්, ජීවත් වීමේ දුෂ්කරතා හේතුවෙන් පසුගිය වසරේ සිය දිවි නසා ගෙන තිබේ.
මෝදි ඉස්සරහින්
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එදිනෙදා වියදම් සම්බන්ධයෙන්ද ඉන්දීය තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කරුණු රාශියක් පසුගිය කාලයේදී හෙළි විය.
මෝදි නවරාත්‍රී සමයේ ආහාර වශයෙන් ගනු ලබන්නේ ජලය සහ පළතුරු යුෂ පමණි. 2016 වසරේ ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමකින් හෙළි වූයේ එම වසරේ නවරාත්‍රී සමයේ පළතුරු සහ ජලය සඳහා මෝදි විසින් ඉන්දීය රුපියල් කෝටි 10 ක් වියදම් කර ඇති බව ය. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ Junta Ka Reporter විසිනි.
තවත් RTI ඉල්ලීමකින් හෙළි වූ ආකාරයට අගමැති මෝදිගේ මේ දක්වා මුළුතැන්ගෙයි වියදම ඉන්දීය රුපියල් කෝටි 7 කි. නමුත් මෙය මහජන මුදලින් නොව තමන්ගේ වැටුපෙන් ගෙවා දැමීමට මෝදි කටයුතු කරයි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment