ජනවසමේ කොළඹ ඉඩම් කුණු කොල්ලෙට

ජනවසමේ කොළඹ ඉඩම් කුණු කොල්ලෙට

 

එම මණ්ඩලයට අයත් කොළඹ 02 වොක්ෂෝල් වීදියේ පිහිටි අංක 175 දරණ ගොඩනැඟිල්ලේ වර්ග අඩි 6250 ක් වර්ග අඩියකට රු. 10.42 බැගින් වසර 35 ක දීර්ඝකාලීන බදු පදනම මත අශෝක ග්ලාස් සමාගම වෙත ලබා දී ඇත්තේ වසරකට රුපියල් 65137.50 ක බදු මුදලකටය. ඊට අමතරව එම ගොඩනැඟිල්ලේම ව.අඩි 4586 ක් රුපියල් 22.89 බැගින් තිලෝනා ලංකා හවුස් නමැති පෞද්ගලික සමාගමට වසර 30 ක කාලයක් සඳහා බදු ලබා දීමෙන් වසරකට ලබාගෙන ඇත්තේ රුපියල් 105,000 ක මුදලකි.

කැන්ඩි ටයර් හවුස් ලිමිටඞ් ආයතනයට එම ගොඩනැඟිල්ලේම ව.අඩි. 5322 ක් වසර 30 ක දීර්ඝකාලීන බදු පදනම මත ව.අඩියකට රුපියල් 30 බැගින් වාර්ෂිකව අයකරගෙන ඇත්තේ රුපියල් 159660 ක් බව එම නිරීක්ෂණයේ දී කෝප් කමිටුව අනාවරණය කරගෙන ඇත.

අදාළ ගොඩනැඟිල්ලේම ව.අඩි 14592 ක් මිස්ටර් පේන්ට් ලංකා සමාගමට වසරක කාලයක් සඳහා ව.අඩියක් රුපියල් 1.02 බැගින් ලබා දී ඇති අතර එම ගොඩනැඟිල්ලේම එම සමාගමට වසරක කාලයක් සඳහා ව.අඩි 1079 ක් වර්ග අඩියකට රුපියල් 178.40 ක බැගින් බදු වශයෙන් ලබා දීම විශේෂිත බව ද එම කමිටුව හෙළි කර ඇත.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි මණ්ඩලයට අයත් අංක 32 දරන ස්ථානයේ ව.අඩි 14500 ක් වසර 25 ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත මෑන් කෙයාර් සෙන්ටර් නමැති ආයතනයට ලබා දී ඇත්තේ වර්ග අඩියකට රුපියල් 19.25කට වන අතර ඒ සඳහා වසරකට මණ්ඩලයට හිමි වී ඇත්තේ රුපියල් 285,000 ක මුදලකි.

එම ස්ථානයේම ව.අඩි 28921 ක් ව.අඩිය රු. 13.49 බැගින් නිව් සීලන්ඞ් කොලේජ් නමැති ආයතනයට වසර 30 ක කාලයක් සඳහා දීර්ඝකාලීනව බදු ලබා දී වසරකට රුපියල් 390,433 ක් ලබාගෙන ඇති අතර එම ස්ථානයේම වසර 02 ක කාලයක් සඳහා උසස් තාක්ෂණික ආයතනය නමැති පෞද්ගලික සමාගමට ව.අඩි 11500 ක් ව.අඩිය රුපියල් 60/- බැගින් බදු ලබා දී මණ්ඩලය අයකරගෙන ඇත්තේ රු. 690,000 ක මුදලක් බව ද කෝප් කමිටුව අදාළ නිරීක්ෂණයේ දී හෙළි කරගෙන ඇත.

 

ලේක්සයිඞ් ප්‍රොපට් ඩිවලොප්මන්ට් නම් පෞද්ගලික සමාගමට එම ස්ථානයේම පිහිටි ඉඩමෙන් අක්කර 01 පර්චස් 6.6 ක් වසර 53 ක දීර්ඝ කාලයක් සඳහා පර්චසය රුපියල් 93497/- ක මුදලකට බදු ලබා දී ඇත. එම කාලයට රුපියල් 921693426 ක මුදලක් අය විය යුතු වුවත් එම කාලයට රු. 15,520,512 ක් මුදලක් පමණක් මණ්ඩලය ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත.

පසුගිය සන්ධාන රජය සමයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් මත ඉතා අඩු මුදලකට වටිනාකම තක්සේරු කොට මණ්ඩලයට අයත් වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩම දීර්ඝකාලීන බදු ලබාදීමට ගෙන ඇති තීරණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති කෝප් කමිටුව එම ඉඩම සඳහා විවෘත වෙළෙඳපොළෙහි මිල ගණන් අනුව එම ඉඩම නැවත තක්සේරු කොට වර්තමාන වෙළෙඳ වටිනකමට සරිලන අගයක් ලබා ගන්නා ලෙසත් ජනවසම බලධාරීන්ට දැනුම් දී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප‍්‍රකාශ කළේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇති ඉඩම් හා ගොඩනැඟිලි පිළිබඳ විස්තරයක් හා ඒවා ලබා දීම සඳහා නිර්දේශ කොට ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ නාමලේඛනයක් ද කෝප් කමිටුව වෙත ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට තෙමසක කාලයක් ගත වී ඇතත් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් හා ගොඩනැඟිලි අඩු තක්සේරුවක් මත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිළිබඳව රාජ්‍ය ව්‍යවසාය සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාගෙන් කළ විමසීමක දී ප‍්‍රකාශ කළේ අදාළ ඉඩම් හා ගොඩනැඟිලි අඩු තක්සේරුවකට දීර්ඝකාලීනව බදු පදනම මත ලබා දීම පිළිබඳව අධ්‍යයනයක් කරමින් සිටින බවය.

අදාළ අධ්‍යයනය අනුව ඉදිරියේ දී අදාළ බදු හිමියන් සමඟ සාකච්ඡුා කර වර්තමාන වෙළෙඳපොළ වටිනාකම අනුව බදු ලබා දීමට පියවර ගැනීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළ ලේකම්වරයා ඒ සඳහා අකමැත්ත ප‍්‍රකාශ කරන බදුකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment