පැය 85000න් පසුව එම යන්ත‍්‍රවල ටර්බෝ යන්ත‍්‍රය මාරු කළ යුතු වුවත් නියමිත කාලයට අමතර කොටස් අදාළ යන්ත‍්‍ර නිෂ්පාදන සමාගම වන ජර්මනියේ මෑන් බී. එම්. ඩබ්ලිව් ආයතනයෙන් ආනයනය නොකිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වේ.
සපුගස්කන්ද පිහිටි එම විදුලිබලාගාරයේ බී 1 හා බී 2 වශයෙන් කොටස් දෙකක විදුලිජනක යන්ත‍්‍ර 4 බැගින් ඇති අතර පසුගිය අපේ‍්‍රල් මාසයෙ දි ඊ2 කොටසේ යන්ත‍්‍රයක් අක‍්‍රිය වී ඇත. එම කොටසේම තවත් යන්ත‍්‍රයක් මැයි මාසයේත් ඊ2 කොටසේ තවත් යන්ත‍්‍රයක් මැයි මාසයේ අක‍්‍රිය වී තිබේ. මෙගාවොට් 10 ක විදුලි ප‍්‍රමාණයක් දිනකට අහිමි වීමෙන් මණ්ඩලයට ලක්ෂ 35ක් අහිමිවන අතර අලූත් වැඩියා කිරීමට නියමිත ටර්බෝ කොටස රුපියල් කෝටි 20ක් පමණ වන බව වාර්තා වේ.
දැනට එම යන්ත‍්‍ර කොටස ලබන ජනවාරියේ පමණ ආනයනය කිරීමට නියමිත අතර ඒ වන තෙක් යන්ත‍්‍ර අක‍්‍රියව පවතියි. එහෙත් එහි ඇති යන්ත‍්‍ර 8න් දෙකක් පමණක් එම යන්ත‍්‍ර කොටස එක්කර අලූත්වැඩියා කර ඇති අතර අක‍්‍රිය වී ඇති යන්ත‍්‍ර 3 හැර ඉතිරි 3 ද පැය 85,000 ඉක්මවා ඇති නිසා ඒවාද අක‍්‍රිය වීමේ අවදානමක පවතියි.
සත්හඬ
0 comments :
Post a Comment