මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ තනි පුද්ගල කොමිසම එල්.කේ.ජී. වීරසේකර හිටපු විනිසුරුවරයාගෙන් සමන්විත වූ අතර, එය පත් කරනු ලැබුවේ එවකට ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. නමුත් මෙම වාර්තාව ‘අතුරුදන්’ විය. එනම්, අදාළ ලිපිගොනු 2007 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත යවා තිබුණද එම වාර්තාව සොයාගැනීමට නොහැකි විය. පසුගිය සඳුදා දිනයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, පෙර කී අෂ්රොෆ් කොමිසමේ ලේකම්වරයා විසින් 2002 වසරේදී එම කොමිසමේ වාර්තාව ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත යවනු ලැබීමෙන් පසු එම වාර්තාව ද ‘අතුරුදහන්’ වී ඇති බවයි.
තොරතුරු කොමිසම විසින් මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව, යම් නිශ්චිත පාර්ශවයන්ට රුපියල් මිලියන 8 ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නිර්දේශ කළ අෂ්රොෆ් වාර්තාවේ 69, 70 සහ 71 පිටුවල උධෘතයන් තොරතුරු කොමිසම විසින් මුදා හැර තිබේ. 2007 ලිපිගොනුවේ වාර්තාවෙන් ලබාගත හැකි ව තිබෙන්නේ මෙම පිටු පමණි. තොරතුරු කොමිසමේ නියෝගය මත මුදා හරින ලද තොරතුරුවලට, මෙම හෙලිකොප්ටර කඩා වැටීම හිතා මතා සිදුකළ ක්‍රියාවක් නොවන බව, පිපිරීමක් හෝ වෙනත් පිපිරුම් ආදානයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යොදනු ලැබූ සටහනක් ද ඇතුළත් වේ. හෙලිකොප්ටර කඩා වැටීම මෙම වාර්තාවේ දක්වා තිබෙන්නේ හෙලිකොප්ටර කාර්ය මණ්ඩලයේ නොකර හැරීමක් හෝ නොකර හැරීම්, නිසි උද්‍යෝගයේ හීනතාවය සහ රාජකාරිමය නොසැලකිල්ල හේතුවෙන් සිදුවන්නට ඇතැයි ගිණිය හැකි අනතුරක් ලෙසට ය.
මෙම නියෝගය ලබාදීමේදී තොරතුරු කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිල සහ කොමසාරිස්වරුන් වන ජේ්‍යෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන, ජේ්‍යෂ්ඨ නීතිඥ එස්.ජී. පුංචිහේවා සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් යන අය විසින් මෙකී තොරතුරු මුදාහැරීමට නියෝග කළේ, ව්‍යස්ථාපිත කොමිසමක වාර්තාවකට සම්බන්ධිත මහජන සුබසිද්ධිය ප්‍රමුඛ වීමේ සිද්ධාන්තය (Public Interest Override) සඳහන් කරමිනි. (http://ift.tt/2Bn6ilj)
ජාතික ලේඛනාරක්ෂණාගාරය පාර්ශවයෙන් කරුණු කියා පාමින් එහි අධ්‍යක්ෂ ජනරාල් නදීර රූපසිංහ පැවසුවේ ලේඛනාරක්ෂණ නීතිය යටතේ මේවා රහසිගත වාර්තා/විශ්වාසනීය වාර්තා ගණයට අයත් වන බවයි. මෙවිට තොරතුරු කොමිසම, තොරතුරු පනතේ 4 වන වගන්තිය වන “ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු ය.” යන්න දක්වමින් තොරතුරු පනතට ප්‍රමුඛතාවය ලැබෙන බව පෙන්වා දුන්හ. ප්‍රශ්නගත පොදු අධිකාරිය, වාර්තාව ‘නැති වී ඇත’ යන්න පවසනවා හැර පනත යටතේ කිසිදු විශේෂිත ව්‍යාතිරේඛයක් ඉදිරිපත් කර නොමැති බව ද නිරීක්ෂණය විය.
පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් 2002.01.24 දින ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවන ලද ලිපිගොනුවේ වූ ‘ලේඛන ලැයිස්තුව’ මුදා හරින ලෙසටද තොරතුරු කොමිෂන් සභාව දැනුම් දුන්නේය. එම ලේඛන, සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වූ අතර ඒවා ජාතික ලේඛනාරක්ෂනාගාරයේ පෙට්ටිවල බහා තැන්පත් කර තිබිණි. 1973 ජාතික ලේඛනාරක්ෂණ නීතියේ 11 වැනි වගන්තිය සමග කියැවෙන 1948 පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ සිදුකරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභාවන් හි ‘සියලු වාර්තා’ සම්බන්ධයෙන් භාරකරු වන්නේ ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව බව ද තොරතුරු කොමිෂන් සභාව පෙන්වා දුන්නේය.
එකී නීතියට අනුව සහ එකී නීතිය යටතේ එබඳු කොමිෂන් සභාවක වාර්තාවක් ‘ප්‍රාථමික’ වාර්තාවකින් සමන්විත වේ. එසේ හෙයින් එබඳු කොමිසමක ලේකම්වරයා විසින් නීතියට අනුව වාර්තාව දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබ තිබේ නම් ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් ආකාරයෙන් ඒවා සංචය කිරීමේ ව්‍යූහයක් හෝ පුද්ගලයෙක් කැඳවා එය නිසි පරිදි සංචය කිරීම කළ යුතුය.
මෙයට අනුව, එකී පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් 2002 වසරේදී එම වාර්තාව ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අතින් භාරදීමට කටයුතු කළේදැයි සැක හැර දැනගන්නා ලෙසට ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත උපදෙස් දෙන ලදී. අදාළ පෙට්ටිවල සැබවින්ම අන්තර්ගත වන්නේ ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත භාරදුන් මුල් ලේඛන ද යන්න පරීක්ෂා කරන ලෙසට ද, එම ලේඛනඅතර කොමිෂන් සභා වාර්තාව අන්තර්ගත බවට සැක හැර දැනගන්නා ලෙසට ද ඔවුන් වෙත මගපෙන්වීම සිදුකෙරිණි.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු ඇමතිවරයෙකු වන බෂීර් සේගු දාවුද් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ගොනු කරනු ලැබූ අභියාචනයකට පසුව ය. තොරතුරු පනත යටතේ මේ සම්බන්ධයෙන් ඔහු සිදුකළ තොරතුරු ඉල්ලීම මේ වසර මුලදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, එයට අදාළව තිබූ සියලුම ලිපි ගොනු ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත යවනු ලැබූ බව සහ, එම වාර්තාව ‘නැති වී ඇති බව’ට වූ පදනම මත ය. වාර්තාව මෙසේ ‘අතුරුදන් වූයේ’ කවදාද යන්න පැහැදිලි නැත. පසුගිය සඳුදා දිනයේ, තමන් භාරයේ තිබෙන සියලුම ලිපිගොනු ද සමග තොරතුරු කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට ජාතික ලේඛණාරක්ෂණාගාරය වෙත නොතීසි නිකුත් කර තිබූ අතර අනතුරුව කොමිසම ඉදිරියේ පැවති පරීක්ෂණයේදී හෙළිදරව් වූයේ අදාළ ලේඛනවල සත්‍ය වාර්තාව පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවයි.
වාර පත්‍රිකාවක් වශයෙන් මෙම අෂ්රොෆ් වාර්තාව ප්‍රකාශනයට පත් කරන බවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලබාදුන් පොරොන්දුවකට අදාළ සඳහනක් ද මෙම ලිපිගොනුවල අන්තර්ගත ය. කෙසේ නමුත් අෂ්රොෆ් වාර්තාව ප්‍රකාශනයට පත් නොවූ අතර, එය අවිධිමත් ලෙස හෝ මහජනයාට ලබාගැනීමට හැකි වුණේ ද නැත. මේ නිසා අනතුර සිදුවන අවස්ථාවේදී අයහපත් කාලගුණයක් පැවති බවට සාධක නොමැති යැයි ගුවන් හමුදාව විසින් සිදුකර තිබූ සඳහනට අදාළව සහ හෙලිකොප්ටරය කඩා වැටුණේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබිණි.
අෂ්රොෆ් වාර්තාව සොයාගැනීමට අදාළ පරීක්ෂණය ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් තවදුරටත් පැවැත්වීමට නියමිත ය.
0 comments :
Post a Comment